නාකොටික් නඩු භාණ්ඩ ගබඩාවේ තවත් හෙරොයින් තොගයක් ඉදිරියේදී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට (වීඩියෝ)
Friday, 10 July 2020 - 21:28 | Views - 448
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 600 කට ආසන්න ප්‍රමාණයක් අද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු භාරයට ගැණුනා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසකට මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා එල්ල වීමත් සමග පසුගියදා මුද්‍රා තැබුණු නඩු භාණ්ඩ ගබඩාව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබුවේ ඊයේ දිනයේදීයි.

එම නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 600 කට ආසන්න ප්‍රමාණයක් අද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආවා.

එසේම, නඩු භාණ්ඩ ගබඩාවේ ඇති තවත් හෙරොයින් තොගයක් ඉදිරියේදී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගෙන ඒමට නියමිත බවට ද වාර්තා වනවා.

පොලිස් භාරයට ගැනුණු හෙරොයින්, ජාවාරම්කරුවන්ට විකිණූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දැනට පොලිස් නිලධාරීන් ඇතුලු 21 දෙනෙකු රහස් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් 12 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නියෝග කෙරුණේ ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගත් හෙරොයින් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් නොකර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ ගබඩාවේ රඳවාගෙන සිට ඇති බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කර තිබුණා.

බලපිටිය ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල සේනාරත්න සහ එම කාර්යාංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති එස්.සී. මැදවත්ත ද පැමිණ ඇති බවයි අධිකරණයේදී ප්‍රකාශ වුණේ.

එවැනි පසුබිමක් තුළ ඔවුන් දෙදෙනාගෙන් ද ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වනවා.

අදාළ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් දෙදෙනෙකුට අයත් වාහන 7 ක් මීරිගම සහ පල්ලේවෙල ප්‍රදේශවලදී සොයා ගැනීමට ද පොලීසිය සමත් වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top