පළාත් කිහිපයකට වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්
Friday, 10 July 2020 - 17:05 | Views - 342
නැගෙනහිර, උතුරුමැද මධ්‍යම ඌව වයඹ සහ සබරගමුව පළාත්වල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙනවා.
රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වාදෙන්නේ ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇතිවිය හැකිබවයි.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල පහ ආරක්‍ෂිත පියවර ගන්නා ලෙසයි.
Share This Article