'කළු මල්ලි' දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර
Friday, 10 July 2020 - 14:26 | Views - 944

අත්අඩංගුවට ගත් කළු මල්ලි නැමැත්තා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.
බන්ධනාගාරගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ ප්‍රධානතම පුද්ගලයා ලෙසටයි රොහාන් ප්‍රදීප් හෙවත් කළු මල්ලි සැලකෙන්නේ.
ඊයේ රාත්‍රියේ ඔහු මෙලෙස අංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් මත්කුඩු සමඟයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත ආදුරුප්පුවීදිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් මගින් මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා අත්අඩංගුවට ගනු ලැබුවා.
අපරාධ ක්‍රියා රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති රොහාන් ප්‍රදීප් හෙවත් කළු මල්ලි, කොස්ගොඩ තාරක හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාර ගත වූ අවස්ථාවකදියි.
එහිදී කොස්ගොඩ තාරක විසින් සිය මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලය කළු මල්ලිට භාර දීමට කටයුතු කර තිබෙනවා.
පසුව මෙම සැකකරු තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ගේ ද සහය ඇතිව දිවයින පුරා මත්කුඩු බෙදා හැරීම සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
ප්‍රධාන වශයෙන් දකුණු පළාතට මත්කුඩු තොග වශයෙන් රැගෙන යාම රොහාන් ප්‍රදීප් හෙවත් කළු මල්ලි විසින් සිදුකර තිබෙනවා.
මොහුට අයත් රත්නපුර - පැල්මඩුල්ල ප්‍රදේශයේ නිවසක තිබූ සේප්පුවක් පරීක්ෂාවට ලක් කිරීමේදී බැංකු ගිණුම් පොත් කිහිපයක් හමුවී ඇති බවයි පොලීසිය පවසන්නේ.
එම ගිණුම් පොත් පරීක්ෂා කිරීමේදී මාස 4ක කාලසීමාව තුළ කෝටි 4යි ලක්ෂ 28ක් එම ගිණුම්වලට බැර වී ඇති බව හෙළි වී තිබෙනවා.
එමෙන්ම, වසරකට වැඩි කාලසීමාවක් තුළ දී රුපියල් කෝටි 10කට වැඩි මුදලක් රොහාන් ප්‍රදීප් හෙවත් කළු මල්ලීගේ බැංකු ගිණුම්වලට බැරවී ඇති බව ද අනාවරණ වී ඇති බව සඳහන්.
Share This Article