බහින්බස්වීමක් දුරදිග යෑමෙන් පුත්‍රයා සිය පියාව ඝාතනය කරලා
Friday, 10 July 2020 - 13:19 | Views - 1,344
පාදුක්ක - පොල්කොටුව - කහවල ප්‍රදේශයේදී පියා සහ පුත්‍රයා අතර ඇතිවූ ගැටුමකින් 61 හැවිරිදි පියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දෙදෙනා තියුණු ආයුධවලින් එකිනෙකාට පහරදී ඇති අතර, එහිදී තුවාල ලැබූ 34 හැවිරිදි පුත්‍රයා ද පාදුක්ක රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු බරපතල තත්ත්වයේ පසුවීම හේතුවෙන් මේ වනවිට කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

මෙම පියා සහ පුත්‍රයා අතර නිරන්තරයෙන් අඩ දබර සිදුවන අතර, ඊයේ සිදුවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා.

මේ අතර, බුලත්සිංහල ප්‍රදේශයේ නිවසක් පිටුපස කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

ඇයගේ ස්වාමි පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

37 හැවිරිදි මෙම කාන්තාව, ඇයගේ පියා, සහෝදරයින් දෙදෙනා, ස්වාමි පුරුෂයා සහ දියණිය සමඟ බුලත්සිංහල නිවසේ පදිංචිව සිට තිබෙනවා.

කෙසේ වෙතත්, ඇයගේ ස්වාමි පුරුෂයා රත්නපුර - නිවිතිගල තම නිවසට යන බව පවසා නිවසින් පිටව යෑමෙන් අනතුරුවයි කාන්තාවගේ මළ සිරුර සොයාගෙන ඇත්තේ.

කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය කළුතර - නාගොඩ රෝහලේදී අද සිදුකිරීමට නියමිතව ඇති අතර, සැකකාර ස්වාමි පුරුෂයා සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top