වැඩ තහනමකට ලක්ව සිටි නාකොටික් රංගජීව, උසාවි පරිශ්‍රයේදී ම මාධ්‍යවේදියෙකුට තර්ජනය කර ඇදගෙන යයි
Friday, 10 July 2020 - 12:13 | Views - 5,152
වැඩ තහනමට ලක්ව සිට යළි සේවයේ පිහිටුවා ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (නාකොටික්) පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව, අද (10) කොළඹ මහාධිකරණ පරිශ්‍රයේ දී මාධ්‍යවේදියෙකුට තර්ජනය කර, ඇදගෙන ගොස් උසාවි පොලිස් මුරපොළට භාරදී, තිබෙනවා.
එම පුවත්පත් ඡායාරූප මාධ්‍යවේදියා පැවසුවේ තමන් මාධ්‍යවේදියෙකු බව අනන්‍යතාව තහවුරු කරද්දී පොලිස් පරීක්ෂක රංගජීව මෙසේ සිදු කළ බවයි.
පොලිස් මුරපොලේ දී තම කැමරාවේ ඡායාරූප චිපය ඉවත් කරගත් බවයි ඔහු පැවසුවේ.'
Share This Article