නිවස ගිනිගනිද්දි හිතේ දුක දරන් තම තුන් හැවිරිදි දරුවා බැල්කනියෙන් පහළ විසි කළ අම්මා
Friday, 10 July 2020 - 10:43 | Views - 10,732
මේ සිදුවීම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ පසුගිය 3 වැනිදා... පුංචි දරුවෙකු අත තියාගෙන යන මේ හාදයා කවුද? හැමෝම මේ සිද්ධිය ගැන හොයන්න පටන් ගත්තේ එතැනින්...
 
28 හැවිරිදි මේ හාදයා නමින් ''පිලිප් බ්ලැන්ක්ස්..'' මේ සිද්ධිය ඇති වෙන්නේ.. එක්සත් ජනපදයේ ෆීනික්ස්-වල..

ෆීනික්ස්හි පිහිටි නිවසක් හදිසියේම ගිනි ගෙන තිබුනු අතර නිවසේ බැල්කනියම ගින්නෙන් වැසී ගියේ නිමේෂයකින්..
 
දරුවාගේ මව විසින් ගිනි ජාලාව මැද තම තුන් හැවිරිදි දරුවා පහළට විසි කරන අයුරු කැමරාවක පටිගත වී තිබුනා.
 
ඒ මොහොතේම ක්ෂණයෙන් ක්‍රියාත්මක වන පිලිප් බ්ලැන්ක්ස්, දරුවාව දෑත් දිගුකර අල්ලාගෙන දිව යනවා.
 
පිලිප් එම ස්ථානයට දිව ගොස් ඇත්තේ ද "උදව් කරන්න" යනුවෙන් කෑ ගැසීමක් ඇසුනූ නිසාවෙනුයි.
 
"මම ඒකට ප්‍රතික්‍රියා කළා. ඇත්තටම මම ඒ දේ කළා.." ඔහු එහෙම කියනවා.
 
කොහොම වුනත්, තුන් හැවිරිදි ජේම්සන්ගේ 30 හැවිරිදි ආදරණීය මව මේ ගින්නෙන් මිය ගොස් ඇති බවයි ඩේලිමේල් වාර්තා කරන්නේ.
 
"ඇය තමයි මේ කතාවේ සැබෑම වීරවරිය.. ඇය දරුවා බේරාගන්න ඇගේ ජීවිතේ පරිත්‍යාග කළා.."
 
සිද්ධියේ වීරයා වූ පිලිප් පැවසූයේ,
 
"මම මගේ උපරිමය කළා. ඔහුගේ හිස මගේ වැලමිටට බැස්සා. මම කොහොම අල්ලගත්තද කියන්න මම දන්නේ නෑ. මම පාපන්දු අල්ලා ගන්නා ආකාරය ඉගෙන ගෙන තිබුනා. ඒ නිසා මම පාපන්දු ක්‍රීඩාවට යම් ගෞරවයක් දෙන්නම්.."
 
ඔහු මැරින් භටයෙකු ලෙස පුහුණුව ලැබූ අයෙකු බව සඳහන්.
 
"ජීවිතයක් බේරා ගැනීම සඳහා මා තුළ මෙම හොඳ පුහුණුව ලබා දීම මට අනිවාර්යෙන්ම මැරීන් බළකායට ගෞරවය පුද කළ හැකියි. මම වීරයෙකු ලෙස මා දකින්නේ නැහැ..."
 
තුන් හැවිරිදි ජේම්සන්ගේ සහෝදරිය පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කර ඇති අතර ඇය දිවි ගලවා ගනු ඇති බවට වෛද්‍යවරු විශ්වාස කරනවා.
 
Dailymail ඇසුරිනි.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top