නිවස ගිනිගනිද්දි හිතේ දුක දරන් තම තුන් හැවිරිදි දරුවා බැල්කනියෙන් පහළ විසි කළ අම්මා
මේ සිදුවීම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ පසුගිය 3 වැනිදා... පුංචි දරුවෙකු අත තියාගෙන යන මේ හාදයා කවුද? හැමෝම මේ සිද්ධිය ගැන හොයන්න පටන් ගත්තේ එතැනින්...
28 හැවිරිදි මේ හාදයා නමින් ''පිලිප් බ්ලැන්ක්ස්..'' මේ සිද්ධිය ඇති වෙන්නේ.. එක්සත් ජනපදයේ ෆීනික්ස්-වල..
ෆීනික්ස්හි පිහිටි නිවසක් හදිසියේම ගිනි ගෙන තිබුනු අතර නිවසේ බැල්කනියම ගින්නෙන් වැසී ගියේ නිමේෂයකින්..
දරුවාගේ මව විසින් ගිනි ජාලාව මැද තම තුන් හැවිරිදි දරුවා පහළට විසි කරන අයුරු කැමරාවක පටිගත වී තිබුනා.
ඒ මොහොතේම ක්ෂණයෙන් ක්‍රියාත්මක වන පිලිප් බ්ලැන්ක්ස්, දරුවාව දෑත් දිගුකර අල්ලාගෙන දිව යනවා.
පිලිප් එම ස්ථානයට දිව ගොස් ඇත්තේ ද "උදව් කරන්න" යනුවෙන් කෑ ගැසීමක් ඇසුනූ නිසාවෙනුයි.
"මම ඒකට ප්‍රතික්‍රියා කළා. ඇත්තටම මම ඒ දේ කළා.." ඔහු එහෙම කියනවා.
කොහොම වුනත්, තුන් හැවිරිදි ජේම්සන්ගේ 30 හැවිරිදි ආදරණීය මව මේ ගින්නෙන් මිය ගොස් ඇති බවයි ඩේලිමේල් වාර්තා කරන්නේ.
"ඇය තමයි මේ කතාවේ සැබෑම වීරවරිය.. ඇය දරුවා බේරාගන්න ඇගේ ජීවිතේ පරිත්‍යාග කළා.."
සිද්ධියේ වීරයා වූ පිලිප් පැවසූයේ,
"මම මගේ උපරිමය කළා. ඔහුගේ හිස මගේ වැලමිටට බැස්සා. මම කොහොම අල්ලගත්තද කියන්න මම දන්නේ නෑ. මම පාපන්දු අල්ලා ගන්නා ආකාරය ඉගෙන ගෙන තිබුනා. ඒ නිසා මම පාපන්දු ක්‍රීඩාවට යම් ගෞරවයක් දෙන්නම්.."
ඔහු මැරින් භටයෙකු ලෙස පුහුණුව ලැබූ අයෙකු බව සඳහන්.
"ජීවිතයක් බේරා ගැනීම සඳහා මා තුළ මෙම හොඳ පුහුණුව ලබා දීම මට අනිවාර්යෙන්ම මැරීන් බළකායට ගෞරවය පුද කළ හැකියි. මම වීරයෙකු ලෙස මා දකින්නේ නැහැ..."
තුන් හැවිරිදි ජේම්සන්ගේ සහෝදරිය පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කර ඇති අතර ඇය දිවි ගලවා ගනු ඇති බවට වෛද්‍යවරු විශ්වාස කරනවා.
Dailymail ඇසුරිනි.