කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් ආසාදිතයන් 196ක් හමුවෙයි
Friday, 10 July 2020 - 9:28 | Views - 3,841
කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයන් තවත් කොරෝනා ආසාදිතයන් 196 දෙනෙකු හමුවී තිබෙනවා.

ඒ අනුව ඊයේ එම මධ්‍යස්ථානයෙන් වාර්තාවූ ආසාදිතයන් 56 දෙනාත් සමග එහි හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 252ක්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පී.සී.ආර් පරීක්ෂණ 338ක ප්‍රතිඵල මේ වන විට ලැබී ඇති බවයි.

තවදුරටත් පී.සී.ආර් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින අතර ඒ අනුව කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ තවදුරටත් ආසාදිතයන් වාර්තාවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියාසිටියේ.

එමෙන්ම අදාළ කාලය තුලදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයෙන් පුනරුත්ථාපනය අවසන් කර පිටතට යවන ලද රැඳවියන් සහ ආශ්‍රිතයන් ද හඳුනා ගනිමින් පී.සී.ආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති අතර ඒ අනුව මෙම ස්ථානයෙන් සමාජයට කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට සියලු පියවර ගනිමින් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

No photo description available.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top