කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ 'කළු මල්ලී' අත්අඩංගුවට
Friday, 10 July 2020 - 9:21 | Views - 614
බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ පුද්ගලයා ලෙස සැලකෙන රොහාන් ප්‍රදීප් හෙවත් කළු මල්ලි පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා.
අංගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය ද සමඟයි.
ඔහුගේ බැංකු ගිණුමකට පසුගිය මාස 3 තුළ රුපියල් මිලියන 42.8ක් බැර වී ඇති බව හෙළිදරව් වී යැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා.
මොහු දකුණු පළාතේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලය මෙහෙය වන පුද්ගලයා ලෙස ද හඳුනාගෙන ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මෙම සැකකරු පසුගිය වසර 1 හමාරක පමණ කාලයක් තුල මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් මිලියන 100කට අධික මුදලක් උපයාගෙන ඇතැයි ද හෙළිවී තිබෙනවා.
Share This Article