කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ 'කළු මල්ලී' අත්අඩංගුවට
Friday, 10 July 2020 - 9:21 | Views - 615
බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ පුද්ගලයා ලෙස සැලකෙන රොහාන් ප්‍රදීප් හෙවත් කළු මල්ලි පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

අංගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය ද සමඟයි.

ඔහුගේ බැංකු ගිණුමකට පසුගිය මාස 3 තුළ රුපියල් මිලියන 42.8ක් බැර වී ඇති බව හෙළිදරව් වී යැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා.

මොහු දකුණු පළාතේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලය මෙහෙය වන  පුද්ගලයා ලෙස ද හඳුනාගෙන ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම සැකකරු පසුගිය වසර 1 හමාරක පමණ කාලයක් තුල මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් මිලියන 100කට අධික මුදලක් උපයාගෙන ඇතැයි ද හෙළිවී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top