තම එකම දියණිය නෑනාට භාරදී බිරිඳගේ ගෙලට පිහියෙන් ඇන්න සැමියා ගෙල වැළලාගෙන මරුට
Friday, 10 July 2020 - 9:07 | Views - 23,726
නෑනාගේ නිවසට ගොස් තම එකම දියණිය රැක බලාගන්නා ලෙසට පවසා ඉන්පසු තම නිවසට පැමිණි සැමියා බිරිඳත් සමග රණ්ඩු වී තිබේ.
එහිදී සැමියා විසින් බිරිඳගේ ගෙලට පිහියෙන් ඇන ඇත. ඉන් අනතුරුව ඔහු නිවස පිටුපස ඇති කොකෝවා ගසක එල්ලී ඊයේ (9) සියදිවි නසාගෙන ඇති බව වරකාපොළ පොලිසිය පවසයි. මෙම සිද්ධියෙන් සියදිවි හානිකර ගෙන ඇත්තේ වරකාපොළ, අඹගල නිවසක පදිංචිව සිටි ගස්පෙ මුදියන්සේලාගේ සිරිසේන නමැති පෙදරේරු වෘත්තියේ යෙදුනු අයෙකි.
මෙසේ මියගොස් ඇත්තේ තුවාල ලැබූ කාන්තාවගේ දෙවන සැමියාය. කලක සිට සැමියාත් බිරිඳත් අතර නිතර නිතර අමනාපකම් ඇතිවී තිබේ. සිද්ධිය සිදුවූ ඊයේ (9)පාන්දර තම දියණිය නිදාසිටි කාමරයෙන් කෑ ගසන ශබ්දයක් ඇසී තිබේ.
එහිදී ඇයගේ මව කාමරයට යනවිට දියණිය තුවාල සහිතව කාමරයේ වැටී සිටින අයුරු දැක ඇත.
ඉන්පසු ප්රදේශවාසීන්ගේ සහය ඇතිව තුවාල ලබා සිටි තම දියණිය වරකාපොළ රජයේ රෝහලට ඇතුළත් කර ඇත.
Share This Article