අනියම් සැමියා සමඟ මහ රෑම පැන ගිය අම්මා කරපු දේ ගැන, 16 හැවිරිදි දැරිය පොලිසියේදී හඬමින් කියූ දේ
Friday, 10 July 2020 - 8:57 | Views - 337
මවක් සිය දරුවන් නිවසේ තනිකර අනියම් සැමියකු හා ගොස් ඇති බව මාදම්පේ පොලිසියට ලැබී ඇති පැමිණිල්ලක සඳහන් වනවා.
 
මාදම්පේ එගොඩයාගම ප්‍රදේශයේ මෙම මව හා දරුවන් පදිංචිව සිට තිබෙනවා. දරුවන්ගේ වයස 16, 11 සහ අවුරුදු 8ක්. මව ගිය බව 16 හැවිරිදි දැරිය හඬමින් මාදම්පේ පොලිසියට පැමිණිලිකර තිබෙනවා.
 
ඇයගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂක සඳමාලි මහත්මිය විමර්ශනය කළ බව සඳහන්.

දරුවන්ගේ පියා මව අතහැර සිටින බවත් නඩත්තු මුදලක් ගෙවන බවත් මසකට වරක් දරුවන් බැලීමට එන බවත් මව කොහුමෝලක වැඩ කරමින් දරුවන් සමඟ ජීවත්ව ඇති බවත් විදේශ ගතව සිටින ඥාතීන් දරුවන්ගේ සියලූ වියදම් දරා ඇති බවත් එම විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
 
තම මව වෙනත් අයකු සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් රාත්‍රි කාලයට ඔහු නිවසට ගෙන්වා ගන්නා බවද ඔහු සමඟ කතා කරමින් දරුවන් පිළිබඳව සොයා බැලීම අතපසුකර ඇති බව ද දරුවන්ගේ ප්‍රකාශවලින් කියැවී තිබෙනවා.
 
29 වැනිදා සවස තම මව ඇඳුම් බෑගයත් රැගෙන පෙර කී පුද්ගලයා පැමිණි ත්‍රිරෝද රථයට ගොඩවීමට යනවිට පැමිණිලිකාර දුව හඬමින් පසු පස පැමිණ ඇති අතර ඇය එය නොතකා ගොස් තිබෙනවා.
 
පොලිසිය සැකකාරිය අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරනවා. දරුවන්ගේ භාරකාරත්වය සම්බන්ධයෙන් පරිවාස භාරයට පත්කිරීමට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
 
ඒ. යූ. ගුණපාල
(උපුටා ගැනීම "දිවයින" පුවත්පත.)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top