නිදාගෙන හිටිය මගේ පුතා මරු කටට ගෙනිහින්- පුතාගේ ජීවිතය නැති වුණේ යාළුවා බේරා ගන්න ගිහින්
Friday, 10 July 2020 - 8:33 | Views - 1,112

මගේ පුතා හැමදාම කියපු දෙයක් තමයි මම කොහොම හරි එකසැරෙන් විභාගය පාස් වෙලා උපාධිය අරගෙන ඔස්ටේ්රලියාවට ගිහින් හොඳ රස්සාවක් කරලා අම්මවයි තාත්තවයි බලාගන්නවා කියන එක. කෝ අද ඒ බලාපොරොත්තු එකක්වත් නැහැ. මගේ පුතා බලාපොරොත්තු විතරක් ඉතුරු කරලා අපිව දාලා ගියා යැයි ඉකුත් සිකුරාදා (03) දහවල් 2.00 පමණ ගිරිඋල්ල, මත්තෙගම, මාඔයේ යකාබැඳි ඇල්ලේ මිතුරන් සමග දිය නෑමට ගොස් දියේ් ගිලී මියගිය ඒ.එම්. ආදීෂ දෙහිරු අබේකෝන්ගේ පියා හඬා වැළපෙමින්පැවසීය.
පන්නල, ඉහළ කොටුවැල්ල ප්‍රදේශයේ තිස්ස අබේකෝන් සහ රුවනි ජයසේකර නම් මව්පිය දෙපළට දාව 2002 මැයි මස 03 වැනිදා මෙලොව එළිය දුටු ආදීෂට එක් වැඩිමහලූ සොහොයුරියක සිටියි. ඔහු නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබීය. තම එකම පුතුගේ වියෝව දරා ගැනීමට නොහැකිව මහත් වේදනාවෙන් සිටි අදීෂගේ පියා මෙසේ ද පැවසීය. සිකුරාදා උදේ පුතා මට කිව්වා අද පන්ති නැහැ කියලා.
ඊට පස්සෙ මම බෙහෙත් එකක් විදින්න රෝහලට ගියා. යන්න හදනකොට පුතා ඇහුවා මමත් එන්න ද කියලා. මම කිව්වා ඔයා එන්න ඕනෙ නැහැ, මම ගිහින් එන්නම් කියලා. බෙහෙත් විදගෙන මග එනකොට ‘‘මට පන්ති තියෙනවා, යාළුවෙක් කතා කරලා කිව්වා. තාත්තේ ඔයා දැන්මම එනවද’’ කියලා පුතා කෝල් කරලා ඇහුවා. මම ඒ සමගම වගේ ගෙදර ආවා. එතකොට 11.00ට විතර ඇති. පුතා මම ආපු බයිසිකලේම බෑග් එකත් පිටේ එල්ලගෙන පන්ති යනවා කියලා ගියා. එයා මේ යන්නේ අන්තිම ගමන කියලා අපි කවුරුවත් හීනෙකින්වත් හිතුවේ නැහැ. දවල් 2.30ට විතර පුතාගේ යාළුවෙක් කතා කරලා කිව්වා ආදීෂට කරදරයක් වුණා ඇල්ල ළඟට එන්න කියලා. මම එතනට යනකොට මගෙ පුතා අපි තුන්දෙනාවම මේ ලෝකේ තනි කරලා ගිහිල්ලා යැයි ඔහු සුසුම් ලෑවේය.
පුතුගේ හදිසි වියෝව දරාගත නොහැකිව මහත් කම්පාවට පත්ව සිටින ආදීෂගේ මව වන රුවනි ජයසේකර මහත්මිය තම හදවතේ නැගෙන වේදනාව කඳුළක් බවට පත් කරමින් අප සමග මෙසේ පැවසුවාය. තාත්තා ආපු බයිසිකලේ නැගලා පන්ති යනවා කියලා එයා ගියා. මම ඉස්සරහට ගිහින් බලාගෙන හිටියා පුතා යන දිහාව. කවුද දෙයියනේ දන්නේ ඒ එයා ගියේ අවසාන ගමන කියලා. අනේ මගේ සුදු පුතා නැතුව මට ඉන්න බැහැ. බලන්න එයා කොච්චර ලස්සන ද කියලා. අද කෝ එයාගේ ඒ ලස්සන. අනේ මගෙ පුතාව බේරගන්න කවුරුවත් හිටියේ නැද්ද. එයා නාලා නැහැ. යාළුවා බේරගන්න පැනලා තියෙන්නේ. අම්මා ගැනවත් හිතන්නේ නැතුව යාළුවො
ගැන හිතලා. අනේ දෙවියනේ මට මගෙ අහිංසකයා නැතිවුණා. අම්මේ මම කොහොම හරි විශ්වවිද්‍යාලයේ යනවා කියලා ? දෙක තුන වෙනකන් වතුර බෝතලයකුත් අරගෙන ගිහින් පාඩම් කරනවා. මම ? 11.00ට විතර කිරි එකක් හදලා ගිහිල්ලා දෙනවා. එයා හරි අහිංසකයි. කාගෙවත් හිත රිද්දුවේ නැහැ. හැමෝම එයාට ආදරෙයි. මගෙ ළඟ දැවටි දැවටී මා පස්සෙන් ගිය මගේ සුදු පුතා අද අම්මව තනි කරලා ගිහිල්ලා යැයි ඇය විලාප නගමින් හඬන්නට වූවාය. තම දිවි පරදුවට තබමින් මිතුරා බේරා ගැනීමට යකාබැඳි ඇල්ලට පැන්න ආදීෂට සිදු වූයේ මිතුරා සමගම දියයට සැඟව යෑමටයි. යකා බැඳි ඇල්ලේ දිය දහර තරුණ ජීවිත දෙකක් බිලි ගැනීමට ගතවූයේ නිමේෂයකි. මිතුරන් සමග කෙළිදෙලෙන් ගත කළ ඒ සොඳුරු හෝරාවන් මහත් භයංකාර ජල රකුසකු බවට පත්කරමින් තරුණ ජීවිත දෙකක් බිළි ගත්තේය.
ආදීෂ සමගම යකාබැඳි ඇල්ලට බිළි වූයේ ඔහුගේ මිතුරා වන මත්තේගම සල්මල් උයනේ පදිංචිව සිටි 17 වැනි වියේ පසු වූ එල්. ආර්. මලීෂ සසිමාල්ය. එල්.ආර්. සෝමරත්න සහ එච්. එම්. සුරම්‍යා ස්වර්ණසීලී නම් මව් පිය දෙපළට දාව උපන් මලීෂට වැඩිමහල් සොහොයුරෙක් සහ සොහොයුරියක් සිටිති. පවුලේ බඩපිස්සා වූ මලීෂ ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවේය.
විශ්‍රාමික යුද හමුදා සෙබළකු වූ මලීෂගේ පියාට තම පුතුගේ මෙම හදිසි වියෝව දරාගත නොහැකිවිය. ඔහු මහත් වේදනාවෙන් යුතුව අප සමග මෙසේ කීවේය. යුද හමුදාවෙන් විශ්‍රාම අරගෙන මම දැන් දඹදෙණිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැුකියාවක් කරනවා. සිකුරාදා උදේ මම වැඩට ගියා. පුතා ගෙදර නිදාගෙන ඉඳලා තියෙන්නේ. 11.00ට විතර යාළුවෙක් ඇවිත් කතා කරලා පුතාව එක්කර ගෙන ගිහිල්ලා. දහවල් 2.30ට විතර කෝල් එකක් දීලා මට කිව්වා මලීෂ පුතාට කරදරයක් වෙලා කියලා. මම ඒ සැනින් ආවා ඇල්ල ළඟට. මම එතනට ඇවිත් ටික වෙලාවකට පස්සේ තමයි පුතාව ගොඩට ගත්තේ. එවලෙම දඹදෙණිය රෝහලට ගෙනගියා. මගෙ පුතා හරි අහිංසකයි.
යාඵවෙක් ඇවිත් කතා කළොත් තමයි යන්නේ. නැතුව යාළුවන්ව හොයාගෙන යන්නේ නැහැ. මලීෂ පුතා ඉගෙන ගන්න හරිම දක්ෂයි. ඉංග්‍රීසි, කම්පියුටර් දැනුම හෙම හොඳට තියෙනවා. එයා ෆොටෝ ගන්න හරිම කැමතියි. කවදා හරි ෆොටෝ ගන්න එක තමයි මම කරන්නේ කියලා කියා තියෙනවා. පුතාට වෙච්ච දේ අපිට හිතාගන්නවත් බැහැ යැයි ද ඔහු පැවසීය. මලිෂගේ මව එච්.එම්. සුරම්‍යා ස්වර්ණසීලී මහත්මිය වැළපෙමින් මෙසේ පැවසුවාය. මට මගෙ රත්තරන් පුතා නැතිවුණා. එයාගේ යාළුවො එනවා පුතාව බලන්න. ඒත් එයා නැගිටින්නේ නැහැ. අනේ මගෙ සුදු පුතේ.... එයා පීනන්න දන්නේ නැහැ. නිදාගෙන හිටිය මගෙ පුතාව අරගෙන ගියා මරු කටට.
එයා අද අපිව දාලා ගිහිල්ලා යැයි කියමින් විලාප නගන්නට වූවාය. මිතුරන් සමග යකාබැඳි ඇල්ලේ ජල ක්‍රීඩා කරමින් දිය නෑමට ගිය මිතුරන් සත්දෙනගෙන් දෙදෙනකුට සිදු වූයේ ඇල්ලට බිළි වීමටය. ඔවුන් කී‍්‍රඩා කළ රබර් ටියුබ් අද ඇල්ලේ තැනින් තැන ගල්මත රැුඳී ඇත. මිතුරන්ට මතකයක් පමණක් ඉතිරි කළ ආදීෂගේ අවසන් කටයුතු 05 වැනිදා මළ හිරු බැසයන සැන්දෑවේ ඉහළ කොටුවැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. මලීෂගේ අවසන් කටයුතු මුංහේන පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.
Share This Article