ගඟේ පාවෙමින් තිබූ හමුවු පුද්ගලයින් දෙදෙනාගේ මරණවලට හේතුව හෙළිවෙයි
Thursday, 09 July 2020 - 16:57 | Views - 630
පැල්මඩුල්ල දෙනවක ගඟේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින් දෙදෙනාගේ මරණවලට හේතුව විදුලි සැර වැදිමක් බව කහවත්ත මුලික රෝහලේ දී පැවති අධිකරණ වෙද්‍ය පරික්ෂණයේදී  අණාවරණය වී තිබෙනවා.

කහවත්ත මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය සිසිර දිසානායක මහතා විසින් මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරික්ෂණය අද ( 9 ) එම රෝහලේදී සිදු කරනු ලැබුවා.

මෙලස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පැල්මඩුල්ල, බත්දංගොඩ - උඩුතුල පදිංචි බි.එම්. ජගත් (38) සහ ඔහුගේ සහෝදරියකගේ පුතෙකු වන කුට්ටාපිටයේ පදිංචි බි.එම්. සුපුන් යන අය බවට ඥාතින් විසින් හදුනා ගෙන තිබෙනවා.

විදුලි සැර වැදීමෙන් පසු මොවුන් දෙනවක ගගේ පාවුණේ කෙසේදැයි සෙවීමට පැල්මඩුල්ල පොලීසිය විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.  

ඒ සම්බන්ධව කළ විමර්ශනයකදි  විදුලි රැහැන් කිපයක් ද ගඟ අසල තිබී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

මියගිය පුද්ගලයින් දෙදෙනා නිවෙසින් පිටත්ව ගොස් ඇත්තේ පසුගිය 06වනදා පස්වරුවේ බවත් ඔවුන් සමග තවත් එක් අයෙකු ගිය බවත් මියගිය අයගේ ඥාතීන් පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

මියගිය ජගත් ගේ පියා පොලිසියට පවසා ඇත්තේ මෙම පුද්ගලයින් දෙදෙනාට හොදින් පිහිනිමට හැකි බවත් ඔවුන් නිතරම දෙනවක ගගේ මසුන් අල්ලන අය නිසා එම ප්‍රදේශය ගැන අවබෝධයක් ඇති බවයි.

මියගිය දෙදෙනා ලඟ තිබූ  මුදල්, ජංගම දුරකථන සහ බැංකු ගිණුම් පොතක් අතුරුදන් වී ඇති බවයි ඔවුන්ගේ ඥාතීන් වැඩිදුරටත් පවසන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top