ගඟේ පාවෙමින් තිබූ හමුවු පුද්ගලයින් දෙදෙනාගේ මරණවලට හේතුව හෙළිවෙයි
Thursday, 09 July 2020 - 16:57 | Views - 631

පැල්මඩුල්ල දෙනවක ගඟේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින් දෙදෙනාගේ මරණවලට හේතුව විදුලි සැර වැදිමක් බව කහවත්ත මුලික රෝහලේ දී පැවති අධිකරණ වෙද්‍ය පරික්ෂණයේදී අණාවරණය වී තිබෙනවා.
කහවත්ත මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය සිසිර දිසානායක මහතා විසින් මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරික්ෂණය අද ( 9 ) එම රෝහලේදී සිදු කරනු ලැබුවා.
මෙලස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පැල්මඩුල්ල, බත්දංගොඩ - උඩුතුල පදිංචි බි.එම්. ජගත් (38) සහ ඔහුගේ සහෝදරියකගේ පුතෙකු වන කුට්ටාපිටයේ පදිංචි බි.එම්. සුපුන් යන අය බවට ඥාතින් විසින් හදුනා ගෙන තිබෙනවා.
විදුලි සැර වැදීමෙන් පසු මොවුන් දෙනවක ගගේ පාවුණේ කෙසේදැයි සෙවීමට පැල්මඩුල්ල පොලීසිය විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ සම්බන්ධව කළ විමර්ශනයකදි විදුලි රැහැන් කිපයක් ද ගඟ අසල තිබී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
මියගිය පුද්ගලයින් දෙදෙනා නිවෙසින් පිටත්ව ගොස් ඇත්තේ පසුගිය 06වනදා පස්වරුවේ බවත් ඔවුන් සමග තවත් එක් අයෙකු ගිය බවත් මියගිය අයගේ ඥාතීන් පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.
මියගිය ජගත් ගේ පියා පොලිසියට පවසා ඇත්තේ මෙම පුද්ගලයින් දෙදෙනාට හොදින් පිහිනිමට හැකි බවත් ඔවුන් නිතරම දෙනවක ගගේ මසුන් අල්ලන අය නිසා එම ප්‍රදේශය ගැන අවබෝධයක් ඇති බවයි.
මියගිය දෙදෙනා ලඟ තිබූ මුදල්, ජංගම දුරකථන සහ බැංකු ගිණුම් පොතක් අතුරුදන් වී ඇති බවයි ඔවුන්ගේ ඥාතීන් වැඩිදුරටත් පවසන්නේ.
Share This Article