පළාත් කිහිපයකට අකුණු සහිත වැසි
Thursday, 09 July 2020 - 16:17 | Views - 374
නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම, ඌව, වයඹ සහ සබරගමුව පළාත්වල ඉදිරි පැය කිහිපය තුල ප්‍රබල අකුණු සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
අකුණු අනතුරු අවම කර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන ලෙස ද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියා.
Share This Article