මහමඟ දමාගිය සුනඛයින් 30දෙනෙකුට නවාතැන් දුන් විශ්‍රාමික හෙද නිලධාරිනිය
Thursday, 09 July 2020 - 15:33 | Views - 646

මිනිසා සහ සතුන් අතර ඇති බැඳීම ඈත අතීතය කරා දිවයනවා.
නමුත් මිනිසා, සතුන් කෙරෙහි අනුකම්පා විරහිතව හැසිරුණු ආකාරය පිලිබඳව පසුගිය කාලය පුරා අපට අසන්නට දකින්නට ලැබුණා.
එවන් කාලවකවානුවක තම විශ්‍රාම වැටුප පවා වියදම් කරමින් අයාලයේ යන සුනඛයන් වෙනුවෙන් සරණක් වන කාන්තාවක් පිලිබඳව අපට අරණායක ප්‍රදේශයෙන් වාර්තා වුණා.
ඇය නමින් ඒ.පී අශෝකා අමරකෝන්.
අරණායක බකුල්වල ප්‍රදේශයේ ජීවත්වන අශෝකා විශ්‍රාමික හෙද නිලධාරිනියක්.
මහමඟ දමායන සතුන් කෙරෙහි දායාව අනුකම්පාව දක්වන්නට ඇය හුරුවී ඇත්තේ මිනිසා විසින්ම සිදු කළ අනුකම්පාවිරහිත ක්‍රියාකලාපයක් නිසායි.
කිසිවෙකුගේ පිලිසරණක් නොමැති සුනඛයින් 30 දෙනෙකුට පමණ අද වනවිට මේ නිවසේ නවාතැන් ලබා දෙන්නට අශෝකා කටයුතු කර තිබෙනවා.
මිනිසා තවකෙකුගේ ආදරය අපේක්ෂා කරන්නා සේම සතුන් ද මිනිසුන් වන අපේ ආදරය නොමදව බලාපොරොත්තු වනවා.
කුසගින්න, පිපාසය, වේදනාව අපට මෙන්ම ඔවුන්ට ද දැනෙන බව අප අවබෝධ කරගත යුතුය.
අශෝකා පවසන්නේ මේ සුනඛයින් මිනිස් භාෂාව නොදන්නවා වුවද ආදරයේ, කරුණාවේ භාෂාව හොඳින් හඳුනන බවයි.
මානසික සහනයක් ලබමින් දවස සතුටින් ගෙවීමට මේ සතුන්ගෙන් අශෝකාට ලැබෙන පිටිවහල අසීමිතයි.
තමන් දක්වන දයාව ආදරය කරුණාව හමුවේ, මේ දක්වාම මේ සතුන්ගෙන් තමන්ටද පෙරළා ලැබී ඇත්තේ ආදරයම පමණක් බවයි අශෝකා පවසන්නේ.
Share This Article