භාරත් රත්න සම්මානය බොලිවුඩ් සුපිරි නළු ආක්ෂේට
Thursday, 09 July 2020 - 15:13 | Views - 559
බෙලිවුඩ් සුපිරි නළු ආක්ෂේ කුමාර් හට ඉන්දීය රජය විසින් ‘භාරත් රත්න’ සම්මානය පුද දෙන්නට මේ වනවිට තිරණය කර ඇත.
එයට හේතුව නම් ආක්ෂේ කුමාර් මේ වනවිට ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින ‘කොවිඩ් 19’ වෛයිරසය නිසාවෙන් අසරණව සිටින ඉන්දීය ජනයා වෙනුවෙන් කළ සමාජ මෙහෙවරයන්ට කතෘවේදිත්වය පළ කිරිමක් ලෙසිනි.
ආක්ෂේට අමතරව ජනප්‍රිය නළු සෝනු සෝඩිටද ‘භාරත් රත්න’ සම්මානය පුද කරන්නටද ඉන්දීය රජයේ අවධානය යොමුව ඇති බව සඳහන් වේ.
අක්ෂේ මෙන්ම විශල සමාජ සේවා සත්කරයන් රැසක් සෝනු සෝඩිද පසුගිය කාලයේ ඉන්දීය ජනයා වෙනුවෙන් සිදු කරනු ලැබ තිබුණි.
Share This Article