රාජසන්තක කර ඇති මෝටර් රථ ගැන රජය හදිසියේම ගත් විශේෂ තීරණය මෙන්න
Thursday, 09 July 2020 - 14:14 | Views - 307
විවිධ හේතූන් මත රාජසන්තක කර ඇති මෝටර් රථ යුද හමුදාව සහ රාජ්‍ය ආයතන වෙත මුදා හැරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
මේ අතර අත්අඩංගුවට ගන්නා නීතිවිරෝධී බීඩිකොළ ටෙන්ඩර් පටිපාටියකින් තොරව විනාශ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව මාධ්‍ය හමුවට එක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කියා සිටියා.
එමෙන්ම, කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවල විදුලිබිල සඳහා සියයට 25ක සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.
එමෙන්ම, කිසිදු හේතුවක් මත විදුලිය විසන්ධි නොකිරීමටත්, ගෙවීම් සිදුකිරීම සඳහා අමතර මාස 3 ක කාලසීමාවක් ලබාදීමටත් අමාත්‍ය මණ්ඩලයට යෝජනා වූ බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.
මේ අතර එම්.සී.සී. ගිවිසුම ගැන සොයා බැලූ කමිටුව ලබා දුන් වාර්තාව පිළිබඳව අධ්‍යයනය කර වාර්තා කිරීමට ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය වෙත තවත් සති දෙකක කාලයක් ලබාදී තිබෙනවා.
Share This Article