ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විනිසුරුවන් සහ ක්‍රීඩකයන් එකවර දණගැසූ අවස්ථාවේ දර්ශන මෙන්න
Thursday, 09 July 2020 - 12:51 | Views - 563
එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සවුත්ඇම්ටන් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඊයේ තරගය ප්‍රමාද වී ආරම්භ කෙරුණු අතර ඒ අනුව කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩාකරන එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 35 ක්.

මේ අතර ඇමරිකානු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් සිහිපත් කරමින් ඊයේ තරඟය අතරතුර ක්‍රීඩකයන් සහ විනිසුරුවන් දණගසා සිටීම බොහෝදෙනෙකුගේ අවධානයට

ක්‍රිකට් තරඟ වාර ආරම්භ වීමෙන් පසු ඇමරිකානු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් සිහිපත් කරමින් ක්‍රීඩකයන් යම් ක්‍රියාකාරකමක් සිදුකළහොත් අවස්ථානෝචිතව සලකා බලා ඊට ඉඩ ලබාදෙන බව අයි.සී.සී. ය මීට පෙර ප්‍රකාශ කළා.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරන්නේ තමන් නිරන්තරයෙන් වර්ගවාදයට එරෙහිව නැගී සිටිමින් ක්‍රීඩාවේ විවිධත්වයට ඉඩ සලසන බවද සඳහන් කළා.

එසේම වඩා සාධාරණ සමාජයක් වෙනුවෙන් ක්‍රීඩකයන්ට සහය ලබාදෙන බවද ඔවුන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ සම්බන්ධයෙන් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සිදුකළ ප්‍රකාශයක් වෙත ද ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානය යොමුවූවා.

ඔහු පැවසුවේ විවිධ ජනවර්ගවලට සිදුවන වෙනස්කම් මර්ධනය කිරීම සඳහා ක්‍රිකට් ක්‍රීඩාව තුළ සක්‍රීය වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතු බවයි.

ජේම්ස් ඇන්ඩර්සන් වැඩිදුරටත් පැවසුවේ මේ සම්බන්ධයෙන් පුළුල් කතිකාවක් ගොඩනැගීම අවශ්‍ය බවයි.

මෙතෙක් තමන් වාර්ගික වෙනස්කම්වලට ලක් නොවුනද එවැනි සිදුවීම් පිළිබඳව අවස්ථා ගණනාවකදී දැනගන්නට ලැබුණු බවයි ඔහු පැවසුවේ.

මේ හේතුවෙන් වර්තමානය වනවිට ක්‍රිකට් ක්‍රීඩාවෙන් වර්ගවාදය අතුගා දැමීමට කාලය එළඹ ඇති බවයි ජේම්ස් ඇන්ඩර්සන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර මීට පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු නායක ඩැරන් සාමි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබුනා.

ඔහු සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල්ද කළු ජාතිකයෙකු වශයෙන් කාලයක් අපහසුතා රැසකට මුහුණදී ඇති බවයි.

එමෙන්ම ඇමරිකාවේදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වූ කළු ජාතිකයා සම්බන්ධයෙන් මුලින්ම හඬ නැගුවේ තමන් සහ ක්‍රිස්ගේල් බවද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

එසේම ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ ඝාතනය හෙළාදකිමින් ක්‍රිස් ගේල් මෙන්ම ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ද මීට පෙර ට්විටර් පණිවුඩ නිකුත් කර තිබෙනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top