එකරැයින් ජනප්‍රිය වුණු මාස්ක් පරාටා රොටි
Thursday, 09 July 2020 - 12:20 | Views - 643
තමිල්නාඩු ප්‍රාන්තයට අයත් මදුරෙයි නගරයේ පිහිටි විශාලතම හෝටල් ජාලයක් වන ටෙම්පල් සිටි හෝටල් ජාලයේ හෝටලයක් මේ දිනවල මහජනතාව අතර මුහුණු ආවරණ පැළදීම ප්‍රචලිත කිරීම සඳහා මුහුණු ආවරණ හැඩයෙන් යුතු පරාටා රොටි තැනීමට පියවර ගෙන තිබෙනවා.
සාමාන්‍ය පරාටා රොටි තැනීමට යොදා ගන්නා අමුද්‍රව්‍යයම යොදා ගනිමින් මෙම මුහණු ආවරණ හැඩයෙන් යුතු පරාටා රොටි තනන අතර සාම්ප්‍රදායික වීවු පරාටා මෙහිදි මුහුණු අවාරණ හැඩයෙන් සකස් කරන බව එම හෝටලයේ සූපවේදී සතීෂ් පවසා සිටිනවා.
මුහුණු ආවරණ හැඩයෙන් යුතු පරාටා රොටිය එක රැයින් ජනප්‍රිය වී ඇති අතර මෙම විශේෂ රොටිය ගැන කන වැකුණු මදුරෙයි වැසියන් සිය ගණනක් දුරකතන ඇමතුම් දෙමින් ඒ ගැන විමසීම් සිදු කළ බවත් කුඩා දරුවන් මෙම රොටිය පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන බවද ඔහු කියාසිටියා.
Share This Article