සම්බාහන මධ්‍යස්ථානයකින් හමුවූ ගංජා තොගය
Thursday, 09 July 2020 - 12:06 | Views - 608
සීගිරිය, ඇහැලගල ප්‍රදේශයේ පවත්වා ගෙන යන සම්බාහන මධ්‍යස්ථානයක තිබී ගංජා කිලෝ ග්‍රෑම් හතරක් සමග එම මධ්‍යස්ථානයේ හිමිකරු සහ සහායකයකු සීගිරිය පොලිසිය මගින් 07 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රී ලාල් හෙට්ටිආරච්චි මහතාට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇත.
ප්‍රධාන සැකකරු එම මධ්‍යස්ථානයේම පදිංචිකරුවකු වන අතර සංචාරක ක්ෂේත්රයේ නියැළී සිටින්නෙකි. සහායකවරයා සීගිරිය කලාපුරය පදිංචිකරුවෙකි.
සැකකරුවන් දෙදෙනා සහ ගංජා තොගය දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සීගිරිය පොලිස් ස්ථානාධිපති ශ්‍රීලාල් හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත්, පො.සැ. හේරත් (59273), කලන්සූරිය (59311), පො.කො. රාජපක්ෂ (82092) යන නිලධාරීහු වැටලීම සිදු කළහ.
Share This Article