රජයේ රස පරීක්ෂකවරයා සහ රහස් පොලිස් කණ්ඩායමක් මුද්‍රා තැබූ නාකොටික් නඩු භාණ්ඩ ගබඩාවට
Thursday, 09 July 2020 - 11:04 | Views - 321
මුද්‍රා තබන ලද පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ සහිත ගබඩාව පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මේ වනවිට එම ස්ථානයට පැමිණ තිබෙනවා.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිසක් ද එම ස්ථානයට පැමිණ ඇති බවටයි වාර්තාවන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තැබූ මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ ගබඩාවේ ඇති හෙරොයින් මත්ද්‍රව්‍ය පරීක්ෂා කොට බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න, රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝග කළේ ඊයේ දිනයේයි.
Share This Article