රිය අනතුරකින් මැතිවරණ අපේක්ෂකයන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබයි
Thursday, 09 July 2020 - 10:51 | Views - 1,492
කිලිනොච්චිය, පුනරීන් ප්‍රදේශයේ ඊයේ(08) සවස සිදුවු රිය අනතුරකින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනු ලබන අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බව පුනරීන් පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ පුනරීන් සංගුපිට්ටි පාලම අසළදි වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

පුනරීන් දෙස සිට යාපනය දෙසට ගමන්ගත් ත්‍රිරෝද රථයක් හා යාපනය දෙස සිට පුනරීන් දෙසට ගමන්ගත් ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවද පොලිසිය පැවසුවා.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් යාපනය මැතිවරණ කොට්ඨාශය වෙත ස්වාධීන කණ්ඩායමකින් තරඟ කරන අපේක්ෂකයින් දෙදෙනෙකු, ත්‍රිරෝද රථ රියදුරු හා ටිපර් රථ රියදුරු තුවාල ලබා ඇති බවයි.

තුවාලකරුවන් යාපනය චාවකච්චේරි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top