සමාජ බලපෑම්කාරියක් වූ, සුරූපී රූපලාවන්‍ය ශිල්පිණිය සමඟ මිත්‍රත්වයක් පවත්වන මේගන් කුමරිය පැටලුනු අලුත්ම අවුල මාධ්‍ය උණුසුම් කළ හැටි
Thursday, 09 July 2020 - 10:36 | Views - 977
හැරී කුමරු සහ මේගන් කුමරිය ගැන පහුගිය දවස්-වල විදෙස් මාධ්‍ය උණුසුම් වුනේ, ඔවුන් දෙදෙනා රජ පවුල අතැර යාමට ගත් තීරණයත් සමඟයි.
 
එය මේගන් කුමරියට තදබල ලෙස එරට පුවත්පත්-වලින් කළ පහරදීමක ප්‍රතිඵලයක් වූවාක් මෙන්ම.. රජ පවුලේ බොහෝ පිරිසකගෙන් මේගන්ට එල්ල වුයේ දැඩි අප්‍රසාදයක්..

එයට හේතුව වුයේ ඇය "ඇමරිකන් ටෙලි නාට්‍ය නිළියක්" ලෙස හුවා දක්වමින්, ඇය හැරී කුමරුට නොගැළපෙන යුවතියක් බවට කියමින්, රජ පවුලෙනුත් ඈව කොන් කිරීමයි.
 
එමෙන්ම... එලිසබෙත් රැජීනිය විසින් හැරී කුමරු පුද්ගලිකව වරින් වර හමුවී "ඒ යක්ෂණිය දික්කසාද කරලා මාළිඟාවට එන්න" යැයි දැඩිව ආයාචනය කළ බවත්, පසුගිය දවසක එරට ටැබ්ලොයිඩ් පුවත්පතක් මඟින් තොරතුරු අනාවරණය කර තිබුනා.
 
මේ සියලු අලකලංචි අස්සේ, හැරී සහ මේගන් ඇමරිකාවේ සුවයෙන් කල් ගෙවන බවයි දැනගන්න ලැබෙන්නේ.
 
ආරක්ෂාව වෙනුවෙන් දවසකට රුපියල් ලක්ෂ 16කට කිට්ටු මුදලක් ඔවුන් විසින් විය පැහැදම් කරන බව ඩේලිමේල් පවසනවා.
 
දැන් අපි කියන්න හදන්නේ සුරූපී මේගන් කුමරිය පැටලිලා ඉන්න අලුත්ම ප්‍රශ්නයක් ගැනයි. (ඇත්තටම ඒක ප්‍රශ්නයක්ම නෙවෙයි.)
 
ජෙසිකා මල්රෝනි කියන්නේ සුරූපී මෝස්තර නිරූපණ ශිල්පිණියක්. 40 හැවිරිදි ඇය "ජාතිවාදී මත" දරන තැනැත්තියක් විදිහට ප්‍රසිද්ධියක් උසුලනවා. එමෙන්ම ඇය සම්බන්ධයෙන් නඩු විභාගයක් ද මේ වන විට විභාග වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
දැන් දැන් හුඟක් අය කියන්නේ මේ නඩු කටයුත්ත එක්ක රූපලාවන්‍ය ශිල්පිනිය සමඟ දැඩි මිත්‍රතත්වයක් පවත්වන මේගන්ටත් යම් හානියක් වෙන්න පුළුවන් කියලයි. (ප්‍රශ්න කිරීම්-වලට ඈවත් කැඳවන්න පුළුවන් බවක්.)
 
මේගන්ට හිතවත් පාර්ශවයින් ජෙසිකා එක්ක තියෙන් "ඇයි හොඳැයිකම්" අතහරින්න කියලා ඈට ආයාචනා කරනවලු දැනටමත්..
 
"මේගන් පරිස්සම් විය යුතුයි.. ජෙසිකා රහස් ගබඩාවක්.."
 
ජෙසිකා සහ මේගන් අතර මිත්‍රතත්වය කොපමණ දිගුවක් ද යත් ඔවුන් දෙදෙනා අතිශය සමීපව ඇසුරු කර තිබෙනවා.
 
මාස 14ක් වයස ආර්චි කුමරු වෙනුවෙන් ඇය දේව මෑණියන් ලෙස ද පෙනී සිට තිබුණේ පසුගිය වසරේ පැවති නත්තල් උත්සවයකදී..
 
සමාජ බලපෑම්කාරියක් ලෙසට ප්‍රසිද්ධිය උසුලන ජෙසිකා විවිධ "නරක පාර්ශව" සමඟ සබධතා පැවැත්වීම බොහෝ දෙනා සඳහන් කරන දෙයක්..
 
Dailymail ඇසුරිනි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top