හුංගමදී හෙරොයින් සහ පතොරම් සමඟ කාන්තාවන් තුන්දෙනෙකු අත්අඩංගුවට
Thursday, 09 July 2020 - 10:15 | Views - 975
හුංගම - බටඅත සහ නිදහස්ගම ප්‍රදේශවල සිදුකළ වැටලීමකදී හෙරොයින් සහ සජීවී පතොරම් සමඟ කාන්තාවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් මොවුන් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 52 යි මිලිග්‍රෑම් 615 ක්, මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයකට යොදන සජීවී පතොරම් දෙකක්, මැගසීනයක්, බෝට්ටු සමඟ සම්බන්ධ වන සැටලයිට් දුරකථනයක් සහ ජංගම දුරකථන 4 ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් කාන්තාවන් අවුරුදු 28, 32 සහ 33 යන වයස්වල පසුවනවා.
Share This Article