මිත්තණිය සමඟ නිදාගෙන සිටියදී කොණ්ඩෙන් ඇද අවදි කර දැරියට අතවර කළ නරුම සීයා
Thursday, 09 July 2020 - 10:00 | Views - 1,306

වයස අවුරුදු 7ක දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව මැදගම පොලිසිය පවසයි.
සැකකරු දැරියගේ සීයා බවත් දැරියගේ මව ඇගේ මාස 08ක දියණියට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මොනරාගල මහ රෝහලට ගොස් සිටියදී මුල් වරට අපයෝජනයට ලක්ව තිබේ.
පොලිසිය පවසන්නේ, මුල් සිද්ධියෙන් පසු සැකකරු කුඩා දැරිය අවස්ථා කීපයකදී බරපතළ ලෙස අපයෝජනයට ලක්කර ඇති බවය.
මැදගම පොලිසියේ පොලිස් නිලධාරියෙකුට ලැබුණු තොරතුරකට අනුව කළ විමර්ශනය අනුව මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.
වින්දිත දැරියගේ මව මැයි මස 27 දින තම මාස 08ක් වයසැති දැරියට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හා තම වැඩිමහල් හත් හැවිරිදි වින්දිත දැරිය ඇගේ (සැමියාගේ පියා) සීයාගේ නිවෙසේ තබා ගොස් ඇත.
ඊට පසු දින දැරිය ඇගේ මිත්තණිය සමග නිදාගෙන සිටියදී කොණ්ඩෙන් ඇද අවදි කර රැගෙන ගොස් බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි පොලිසියට අනාවරණය වී තිබේ.
සැකකරු අවස්ථා කිහිපයකදී මෙම දැරිය අපයෝජනය කර ඇති බවත්, මේ බව කිසිවෙකුට නොකියන ලෙස දැරියට තර්ජනය කර ඇති බවත් දැරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.
පොලිසිය මෙම තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු දැරියගේ මව්පියන් පොලිසියට කැඳවා ඔවුන්ගෙන් හා දැරියගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මෙම අපයෝජනය කළ බව කියන සැකකරු (සීයා) කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය කියයි.
මොනරාගල කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර, සහකාර පොලිස් අධිකාරි එස්. පී. කේ. ගාල්ලගේ යන මහත්වරුන්ගේ උපදෙස් හා නියෝග මත මැදගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ප්‍රේමතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන කෙරේ.
මොනරාගල - සංජීව බණ්ඩාර, බිබිල - නඳුන් ගුණතිලක
Share This Article