මිත්තණිය සමඟ නිදාගෙන සිටියදී කොණ්ඩෙන් ඇද අවදි කර දැරියට අතවර කළ නරුම සීයා
Thursday, 09 July 2020 - 10:00 | Views - 1,307
වයස අවුරුදු 7ක දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව මැදගම පොලිසිය පවසයි.

සැකකරු දැරියගේ සීයා බවත් දැරියගේ මව ඇගේ මාස 08ක දියණියට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මොනරාගල මහ රෝහලට ගොස් සිටියදී මුල් වරට අපයෝජනයට ලක්ව තිබේ.

පොලිසිය පවසන්නේ, මුල් සිද්ධියෙන් පසු සැකකරු කුඩා දැරිය අවස්ථා කීපයකදී බරපතළ ලෙස අපයෝජනයට ලක්කර ඇති බවය.

මැදගම පොලිසියේ පොලිස් නිලධාරියෙකුට ලැබුණු තොරතුරකට අනුව කළ විමර්ශනය අනුව මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.

වින්දිත දැරියගේ මව මැයි මස 27 දින තම මාස 08ක් වයසැති දැරියට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හා තම වැඩිමහල් හත් හැවිරිදි වින්දිත දැරිය ඇගේ (සැමියාගේ පියා) සීයාගේ නිවෙසේ තබා ගොස් ඇත.

ඊට පසු දින දැරිය ඇගේ මිත්තණිය සමග නිදාගෙන සිටියදී කොණ්ඩෙන් ඇද අවදි කර රැගෙන ගොස් බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි පොලිසියට අනාවරණය වී තිබේ.

සැකකරු අවස්ථා කිහිපයකදී මෙම දැරිය අපයෝජනය කර ඇති බවත්, මේ බව කිසිවෙකුට නොකියන ලෙස දැරියට තර්ජනය කර ඇති බවත් දැරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

පොලිසිය මෙම තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු දැරියගේ මව්පියන් පොලිසියට කැඳවා ඔවුන්ගෙන් හා දැරියගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මෙම අපයෝජනය කළ බව කියන සැකකරු (සීයා) කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය කියයි.

මොනරාගල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර, සහකාර පොලිස් අධිකාරි එස්. පී. කේ. ගාල්ලගේ යන මහත්වරුන්ගේ උපදෙස් හා නියෝග මත මැදගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ප්‍රේමතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන කෙරේ.

මොනරාගල - සංජීව බණ්ඩාර, බිබිල - නඳුන් ගුණතිලක
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top