අනියම් පෙම බිඳී ගහක එල්ලෙන්න ගිය දෙදරු පියා පොලිසියේ පිහිටෙන් බේරුණු හැටි
Thursday, 09 July 2020 - 8:54 | Views - 807
අනියම් පෙම බිඳුණැයි සිය දිවි නසා ගන්නට තැත්කළ 48 හැවිරිදි දෙදරු පියකු පොලිස් නිලධාරීන්ගේ පිහිටෙන් පණ බේරාගෙන පොලිස් පොතේ අස්සන් තබා බිරිය සමඟ යෑමේ පුවතක් බදුරලියෙන් වාර්තා වේ.
 
බදුරලිය පොලිස් වසමේ ගලහිටිය ප්‍රදේශයේ පුද්ගලයකු පසුගිය 06දා ගසක නැඟ ගෙල වැලලා ගන්නට උත්සාහ කරන බවට බදුරලිය පොලිසියට හදිසි දුරකථන ඇමතුමක් ලැබිණි.
 
පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක චින්තක පනාවල මහතා වහාම නිලධාරීන් පිරිසක් එම ස්ථානයට යැවීමට කටයුතු කර තිබේ. පොලිසිය ගම්වාසීන් සමඟ මහත් පරිශ්‍රමයකින් පසු ගසේ නැඟ ගෙල වැලලා ගැනීමට උත්සාහ කළ පුද්ගලයා බිමට ගෙන පොලිසියට රැගෙන ගොස් ඇත.

දෙදරු පියකු වූ මොහු ප්‍රදේශයේ වත්තක රැකියාවට ගිය අතරේ එම වත්තේ තිදරු මවක වූ දෙමළ කාන්තාවක් සමඟ පෙමින් බැඳී තිබේ.
 
පසුව මෙම කාන්තාව වෙනත් පුරුෂයකුට පෙම් කිරීමට පටන් ගැනීම නිසා සිත් තැවුලට පත්ව ගසක නැඟ ගෙලට ලණුවක් දමා තමා දිවි නසා ගන්නා බව ජංගම දුරකථනයෙන් සිය අනියම් බිරියට දැනුම්දී ඇත.
 
මේ අතරතුර සිද්ධිය ප්‍රදේශවාසීන් බදුරලිය පොලිසියට දැනුම්දී ක්‍ෂණයකින් ක්‍රියාත්මක වූ පොලිසිය මොහුව පොලිස් භාරයට ගෙන ඇත. සිද්ධිය පොලිසියේදී පාපෝච්චාරණය කිරීමත් සමඟ පොලිස් ස්ථානාධිපතිවරයා මෙම පුද්ගලයාගේ බිරිය හා දරු දෙදෙනා පොලිසියට කැඳවා තමා දෙදරු පියකු බවත් කුඩා බිලි¼දා පිළිබඳ දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර තරයේ අවවාද කිරීමෙන් පසු බිරිය සමඟ පවුල් ජීවිතය ගත කිරීමට කැමැත්ත පළකර ඇත.
 
පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පසු අනියම් පෙම පිළිබඳ අදහස අතහැර දරු දෙදෙනා හා බිරිය සමඟ පොලිසියෙන් පිටවූයේ යළි කිසිදා මෙවැනි වරදක් සිදු නොකරන බවට පොරොන්දු වීමෙන් පසුවය.
 
මතුගම - වසන්ත කුමාර
උපුටා ගැනීම "මව්බිම" පුවත්පත
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top