මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩුකරයි
Thursday, 09 July 2020 - 8:46 | Views - 1,170
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය පොලී අනුපාත පදනම් ඒකක 100 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව නව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය සියයට 4.5 ක් වනු ඇති. ස්ථාවර නිකුතු පහසුකම් අනුපාතය සියයට 5.5 ක් ලෙසයි දැක්වෙන්නේ.
ඒ අනුව ස්ථාවර නිකුතු අනුපාතය සමඟ සැකසෙන බැංකු පොලී අනුපාතය සියයට 8.5 ක් වන බවයි මහ බැංකුව සඳහන් කළේ.
එමෙන්ම ස්ථාවර සංචිත අනුපාතයද සියයට 2 ක් ලෙස නොවෙනස්ව පවතිනු ඇති.
Share This Article