වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් 141 කගේ PCR පරීක්ෂණ ප්‍රතිඵලය මෙන්න
Thursday, 09 July 2020 - 8:08 | Views - 374
වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් 141 කගේ කොරෝනා නොමැති බවට තහවුරු වේ
වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරීන් 141 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණවලින් ඔවුනට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
හිරු පත්තරේ විස්තරේ වැඩසටහනට අද උදෑසන එක්වෙමින් ඔහු කියා සිටියේ රැඳවියන් 174 දෙනෙකුගේ පී.සී.ආර්.පරීක්ෂණවලින්ද ඔවුනට කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවයි.
ඒ අනුව 315 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණවලින් ඔවුනට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article