බස් හෝල්ට් එකේදී "ගාණ කීයද" කියලා අහපු තරුණයාට, තරුණියක් ඉගැන්වූ අමතක නොවන පාඩම
Wednesday, 08 July 2020 - 16:54 | Views - 9,293
යාපනය ප්රධාන බස් නැවතුම්පළේ දී තරුණියක් තරුණයෙකුට ඉල ඇට බිඳෙන තුරු පෙරේදා (6) සවස පහර දී තිබෙනවා.
ඥාතියෙකුගේ නිවසකට යෑම සඳහා වයස අවුරුදු විසිහයක තරුණියක් සවස් කාලයේදී බස් නැවතුම් පළේ බසයක් පැමිණෙන තුරු බලා සිටි අවස්ථාවේදී ඒ අසලට පැමිණි බීමත් තරුණයකු එම තරුණියගෙන් ‘‘ඇගේ ගාන කීයදැයි’’ විමසා ඇති බව සඳහන්.
පළමුව තරුණිය නිශ්ශබ්දව සිට ඇති අතර තරුණයා වාර කීපයක්ම එසේ විමසමින් තරුණිය අසලට පැමිණි අවස්ථාවේදී ඇය පහර දී තිබෙනවා.
තරුණිය කළ පහරදීම නිසා තරුණයා බිම ඇද වැටී යළි නැගිටීමට උත්සහ කළ අවස්ථාවේදී වෙරිමත නිසා අසල වූ කාණුවකට ඇද වැටී තුවාල ලබා ඇති බව සඳහන්..
බස් නැවතුම්පළේ සිටි පිරිසක් තරුණයාව රෝහල් ගතකොට ඇති අතර තරුණියට අදාළ බස් රථය පැමිණීමෙන් පසුව ඇය එහි නැග සිය ඥාතියාගේ නිවසට ගොස් තිබෙනවා.
දිනසේන රතුගමගේ
(උපුටා ගැනීම දිවයින පුවත්පත.)
Share This Article