කැළණිය සරසවියේ සිව්වන වසරේ අධ්‍යයන කටයුතු ලබන 13 ඇරඹේ
Wednesday, 08 July 2020 - 15:55 | Views - 315
කැළණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යයන කටයුතු ලබන 13 වනදා ආරම්භ කෙරෙන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එහි ලේඛකාධිකාරිවරයා සඳහන් කළේ විද්‍යා, වානිජ හා කළමනාකරණ අධ්‍යයන, පරිගණක හා තාක්ෂණ පීඨවල සිව්වන වසරේ සිසුන්ට ඒ අනුව අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන බවයි.
එම පීඨවල නේවාසිකව සිටින සියලුම සිසුන් ලබන 12 වනදා පෙරවරු 9 ත් පස්වරු 5 ත් අතර කාලය තුල නේවාසිකාගාර වෙතට වාර්තා කළ යුතු වනවා.
Share This Article