ඩයිනසෝරයින් හිතන තරම් ලොකු නෑ
Wednesday, 08 July 2020 - 14:15 | Views - 464
ඩයිනසෝරයන් ඉතා විශාල සත්ත්ව විශේෂයක් බවට සාමාන්‍යයෙන් පිළිගැනුණ ද එම මතය වෙනස් කරන සොයා ගැනීමක් පිළිබඳව මැඩගස්කරයෙන් වාර්තා වේ.
එම සොයා ගැනීම අනුව අනාවරණය වී ඇත්තේ, ඩයිනසෝරයන් ආරම්භයේදී බෙහෙවින් කුඩා සත්ත්ව විශේෂයක් බවය.
මෙම සොයා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂි හමුවී ඇත්තේ, මැඩගස්කර් දූපතෙන් හමුවූ ෆොසිලයක් මගිනි.
වසර මිලියන 237ක් පැරණි එම ෆොසිලය අනුව එවකට වාසය කළ ඩයිනසෝරයන්ගේ උස සෙන්ටිමීටර් 10ක් පමණ වූ බවට අනුමාන කෙරේ.
මෙම පර්යේෂණයේ සම කර්තෘවරයෙකු වන උතුරු කැරොලිනාවේ ස්වාභාවික විද්‍යා පිළිබඳ කෞතුකාගාරයේ සේවය කරන ක්‍රිස්ටියන් කැමරර් පවසන්නේ, “සාමාන්‍ය මතය වන්නේ ඩයිනසෝරයින් ඉතා විශාල යෝධ සත්ත්වයින් විශේෂයක් යන්න වුවත්, පුදුමසහගත කරුණ නම් ආරම්භයේදී ඔවුන් කුඩා සත්ත්ව විශේෂයක් වන බව අනාවරණය වීමයි,“ යනුවෙනි.
Share This Article