ගඟට පනින්න එපා මගේ රත්තරන් පුතේ කියද්දී දෙදෙනාම බදාගෙන එකවරම ගඟට පැන්නා, අපි ඒ සම්බන්ධයට තදින්ම විරුද්ධ වෙලා හිටියේ
Wednesday, 08 July 2020 - 14:02 | Views - 3,768
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් පොල්ගොල්ල නවයාලතැන්න දුම්රිය පාලම මතින් ඊයේ (07දා) අලුයම 5.45ට පමණ මහවැලි ගඟට පැන ඇති පාසල් සිසුවකු හා ශිෂ්‍යාවක මරණයට පත් වුණා.
 
ප්‍රේම සම්බන්ධතාවක් මත මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ පොල්ගොල්ල නවයාලතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි ශාමලී හර්ෂණී රත්නායක නමැති 15 හැවිරිදි සිසුවියක හා පල්ලේතලවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි අකිල විජේරත්න නමැති 16 හැවිරිදි සිසුවෙක්.
 
ප්‍රදේශයේ පාසල් දෙකක 10 වසරේ හා 11 වසරේ අධ්‍යාපනය ලැබූ බව සඳහන් මෙම සිසුවිය හා සිසුවා කලෙක සිට ප්‍රේම සම්බන්ධයක පැටලී සිට ඇති බව සඳහන්.

මරණයට පත් සිසුවිය හා සිසුවා පෙරේදා (6දා) සිට අතුරුදන්ව සිට ඇති අතර ඔවුන්ගේ මාපියන් එම දිනය පුරා ඔවුන් සොයා 07 දින අලුයම් කාලයේ කටුගස්තොට පොලිසියට පැමිණිලි කොට ඇති අතර එම අවස්ථාවේ ඔවුනට දැන ගැනීමට හැකිව ඇත්තේ මෙම දරුවන් දෙදෙනා නවයාලතැන්න රේල් පාලම මත සිටින බවයි.
 
දරුවන්ගේ මවුපියන් වහා එම ස්ථානයට ගොස් රේල් පාලම මැද සිටි දරුවන් හට කතා කරන අවස්ථාවේ ඔවුන් දෙදෙනා එකිනෙකා වැලඳගෙන මහවැලි ගඟට පැන්න බව එම මවුපියෝ පවසනවා.
 
ඔවුන්ගේ කෑගැසීම අසා එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් ඊට මඳ වේලාවකට පසු සිසුවිය හා සිසුවාගේ සිරුරු ගොඩගෙන ඇතත් ඒ වන විටද ඔවුන් මරණයට පත්ව සිටි බව කටුගස්තොට පොලිසිය සඳහන් කරනවා.
 
සිද්ධිය පිළිබඳව දරුවාගේ පියා වූ ආර්.එම්. විජේරත්න මහතා මෙලෙස පැවැසුවේ දෑසින් කඳුළු සලමින් දරාගත නොහැකි සොවිනි.
 
“වෙලාව උදේ 5.45ට විතර ඇති. පුතා ඒ ගෑනු ළමයා එක්ක නවයාලතැන්න රේල් පාලම මැද හිටියා. මම හිමින් හිමින් එයාලා ළඟට ගියා. ගඟට නම් පනින්න එපා මගේ රත්තරන් පුතේ කියද්දී දෙදෙනා බදාගෙන එකපාරටම ගඟට පැන්නා”.
 
“පුතා කලක පටන් ප්‍රදේශයේම ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධතාවක් පැවැත්වූවා. පාසල් වයසේ පසුවන නිසා අපි ඒකට තදින් විරුද්ධ වුණා. පසුගිය 06දා සවස පුතා ගෙදර හිටියේ නැහැ. එයාගේ යාළුවන්ට කතා කරලා බැලුවත් තොරතුරක් සොයා ගන්න බැරිවුණා. පසුව මම පුතා ආදරය කළ ගැහැනු ළමයාගේ ගෙදර ගියා. ඒ ළමයත් ගෙදර හිටියේ නැහැ. එදින රාත්‍රි පුරාම සැක සහිත හැම තැනම මේ ළමයි හෙව්වා. කටුගස්තොට දුම්රිය ස්ථානය ඇතුළු සෑම තැනකම බැලුවා. ළමයි දෙන්නා ගැන තොරතුරක් නොලැබුණු නිසා මම 07 වැනිදා උදේ 5.30ට විතර කටුගස්තොට පොලිසියට පැමිණිල්ලක් කළා. ඊට ටික වෙලාවකට පසු කටුගස්තොට දුම්රිය පාලම අසල ළමයි දෙන්නෙක් සැක සහිත විධියට ඉන්නවා කියලා තොරතුරක් ලැබුණා. මම ඉක්මනින්ම එතැනට ගියා. එතකොට වෙලාව උදේ 5.45ට විතර ඇති”.
 
“පාලම ළඟට යනකොට දරුවෝ දෙන්නා පාලම මැද හිටගෙන හිටියා. මම කිව්වා ගඟට නම් පනින්න එපා කියලා. එහෙම කිය කිය අඩියෙන් අඩිය පාලම මැදට ගියා. මීටර් 03ක් විතර ළඟට යනකොටම ළමයි දෙන්නා එකිනෙකා බදාගෙන වගේ ගඟට පැන්නා. මම කෑ ගැහුවා උදවු ඉල්ලලා. ළඟ තිබුණු ඔරුවක් අරන් අපි ගඟ මැදට ගිහින් බැලුවත් ළමයි දෙන්නම හොයා ගන්න බැරිවුණා”.
 
මහවැලි ගඟට පැන මරණයට පත්වූ පාසල් සිසුවා හා සිසුවියගේ මෘතදේහ ගොඩට ගත් නවයාලතැන්න ප්‍රදේශවාසීහු මෙසේ පැවැසුවා.
 
“උදේ හයට කිට්ටුවෙලා අපි වැඩට යන අතරේ කට්ටියක් කෑගසමින් දුව යන ආකාරය අපි දැක්කා. මොකද කියලා බලනකොට ළමයි දෙන්නෙක් ගඟට පැනලා කියලා ඒ අය කිව්වා. අපි වහාම ක්‍රියාත්මක වෙලා ඔරුවකින් එම ස්ථානයට ගිහින් ප්‍රථමයෙන් පිරිමි ළමයා ගොඩට ගත්තා. ඊට පස්සෙ කටුකම්බි ගැට ගැසූ කඹ සහ කෙවිටක් ගඟට දමලා සොයා බලද්දී ගෑනු ළමයාගේ කොණ්ඩේ අඩු කම්බියේ පැටලිලා තිබුණා. ඊට පස්සේ එයාවත් ගොඩට ගෙනාවා. ඒ වෙනකොටත් දෙදෙනාම මරණයට පත්වෙලා තිබුණා. ඉස්කෝලේ යන වයසේ පොඩි ළමයි දෙන්නෙක් තමයි ගඟට පැනලා තිබුණේ.”
 
මොවුන්ගේ මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ මහනුවර ජාතික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණා.
 
කටුගස්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
 
මහනුවර - කේ.එල්. සුරවීර තෙල්දෙණිය - කේ. නිශ්ශංක
උපුටා ගැනීම "මව්බිම" පුවත්පත



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top