එකම පවුලේ, මව පියා සහ දියණිය කටාර් රාජ්‍යයේදී අමානුෂික ලෙස ඝාතනය වුනේ ප්‍රේම සබඳතාවක් නිසා ඝාතකයා ගැන සියල්ල හෙළිවෙයි - Video
Wednesday, 08 July 2020 - 13:09 | Views - 3,298
කොවිඩ් වසංගතය හේතුවෙන් සිරවී සිටි මැදපෙරදිග පිරිසක් රැගත් ගුවන් යානයක් ඊයේ (07) සෞදියේ සිට මෙරටට පැමිණියා.

එම යානයෙන් කටාර්හි සිට මෘත දේහ 7ක් මෙරටට රැගෙන එනු ලැබුවා.

ස්වභාවික හේතූන් මත මරණයට පත්වූ සිව් දෙනෙකුගේ දේහයන් එහි තිබූ අතර ඉතිරි දේහයන් 03 ඝාතනයට ලක් වූ එකම පවුලේ තිදෙනෙකුගේයි.
 

මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ කටාර් රාජ්‍යයේ පදිංචිව සිටි 55 හැවිරිදි මහේන්ද්‍රරාජ් ලෝගිදාසන්,ඔහුගේ බිරිද 54 හැවිරිදි සවරිමුත්තු වික්ටෝරියා සහ ඔවුන්ගේ 34 හැවිරිදි දියණිය ලෝගිදාසන් මහේන්ද්‍රරාජ් සුදර්ශනියි.

කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටි මොවුන් තිදෙනා 2002 වර්ෂයේදි කටාර් රාජයේ පදිංචියට ගොස් ඇති අතර ඔවුන් තිදෙනාම එම රටේ පෞද්ගලික ආයතන වල සේවය කර තිබෙනවා.

කටාර් රාජයේ කුලි රථ රියදුරෙකු ලෙස සේවය කල මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු සමග දියණිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර පසුව ඔහු විවාහකයෙකු බවටයි හෙළිවී ඇත්තේ.

ඒ අනුව ප්‍රේම සම්බන්දතාවය නතර කිරිමට තීරණය කළ පසු එම තරුණයා තියුණු ආයුධයකින් පහර දී මොවුන් තිදෙනාව ඝාතනය කර ලංකාවට පලාවිත් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී කටුනායක පොලිසිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් මෙරටදී පරීක්ෂණයක් සිදුකළ නොහැකි බැවින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු බලධාරීන් වෙත ඒ පිළිබඳව වාර්තා කරන බවයි.

පරීක්ෂණවලට අදාළව සහය අවශ්‍ය බවට කටාර් රාජ්‍යයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් ඉල්ලීමක් කළහොත් ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top