සතුන්ගෙන් මිනිසාට බෝවන රෝග මඟින් වාර්ෂිකව මිලියන දෙකක් මියයයි
Wednesday, 08 July 2020 - 11:56 | Views - 542
වන සතුන් සහ පරිසරය සංරක්ෂණය කිරීම සඳහා ලෝකය පුරා ඇති රටවල රජයන් අදාළ නිර්දේශ ඉදිරිපත් නොකරන්නේ නම් කොවිඩ් -19 වසංගත තත්ත්වය තවදුරටත් පුපුරා යා හැකි බව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන අනතුරු ඇඟවීමක් කරයි.

සත්ත්ව විද්‍යාත්මක රෝග සහ සම්ප්‍රේෂණ දාමය බිඳ දැමිය යුතු ආකාරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සහ ජාත්‍යන්තර පශු සම්පත් පර්යේෂණ ආයතනය ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයක ඒ බව සඳහන් වේ.

සත්ත්ව විද්‍යාත්මක රෝග නිසා පසුගිය දශක දෙක තුළ පමණක් ඩොලර් බිලියන 100කට වඩා ආර්ථික අලාභයක් සිදුවී තිබෙන බවත් කොවිඩ් වසංගතය හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ ඩොලර් ට්‍රිලියන 9ක පමණ පාඩුවක් සිදුවනු ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.

සත්ත්ව රෝග පිළිබඳ සැලකිල්ලක් යොමු නොවීම නිසා සුනෝමිත් හෙවත් සතුන්ගෙන් මිනිසාට පැතිරෙන රෝග මඟින් වාර්ෂිකව මිලියන 2ක් පමණ ලෝකවාසී ජනතාව මියයන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

පහන් විජේසේකර
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top