තරුණ බව රකින සොබා සත්කාර
Wednesday, 08 July 2020 - 9:49 | Views - 3,071
උළුහාල් සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය

-   උළුහාල් ස්වල්පයක්

-  රෝස වතුර ස්වල්පයක්

උළුහාල් රැයක් පෙඟෙන්නට හරින්න. ඉන්පසු එය බ්ලෙන්ඩර් කරන්න. එයට රෝස වතුර එක් කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් තබා සෝදාහරින්න. මෙම සත්කාරය සතියට දෙවරක් සිදුකරන්න.

දෙළුම් සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය

-    දෙළුම් යුෂ ස්වල්පයක්

-    සුපිරිසුදු පොල්තෙල්

-    කස්තුරි කහ ස්වල්පයක්

දෙළුම් යුෂ, කස්තුරි කහ, සුපිරිසුදු පොල්තෙල් එකට මිශ්‍ර කරගන්න. ප්‍රථමයෙන් මුහුණ හොඳින් පිරිසුදු කරන්න. සකසා ගත් මිශ්‍රණය මුහුණේ ආලේප කර විනාඩි 20ක් තබා සෝදාහරින්න.

අලිගැටපේර සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය

-   අලිගැටපේර ගෙඩි භාගයක්

-    ඕට්ස් ස්වල්පයක්

-    රෝස වතුර ස්වල්පයක්

අලිගැටපේර කැබැල්ල හොඳින් පොඩි කරන්න. එයට ඕට්ස් සහ රෝස වතුරද මිශ්‍ර කරන්න. මුහුණ හොඳින් පිරිසුදු කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් තබා සෝදාහරින්න.

‍ෙදාඩම් ලෙල්ලෙන් සත්කාරයක්

අවශ්‍ය ද්‍රව්‍ය

-   ‍ෙදාඩම් ලෙලි කිහිපයක්

-    මී පැණි තේ හැන්දක්

-   සුදු හඳුන් මේස හැන්දක්

‍ෙදාඩම් ලෙලි කිහිපයක් අව්වේ වියළා බ්ලෙන්ඩර් කර ‍ෙදාඩම් ලෙලි කුඩු සාදාගන්න. එයට මී පැණි, සුදු හඳුන් මිශ්‍ර කරන්න. ජලය බින්දු කිහිපයක්ද එක්කර මිශ්‍රණයක් සාදාගන්න. මුහුණ හොඳින් පිරිසුදු කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තබා සෝදාහරින්න.

අර්තාපල් යුෂ සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය

-    අර්තාපල් යුෂ

-    කස්තුරි කහ

අර්තාපල් යුෂ සහ කස්තුරි කහ එකට මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 10ක් තබා සෝදාහරින්න.

කෝමාරිකා සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය

-    කෝමාරිකා මදයක්

-    පිපිඤ්ඤා කැබැල්ලක්

-    නැවුම් කිරි මේස හැන්දක්

-    මී පැණි තේ හැන්දක්

කෝමාරිකා සහ පිපිඤ්ඤා එකට මිශ්‍ර කර බ්ලෙන්ඩර් කරන්න. එයට නැවුම් කිරි සහ මී පැණි මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තබා සෝදාහරින්න.

තක්කාලි සහ බීට්රූට් සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය

-   තක්කාලි ගෙඩියක්

-   බීට්රූට් කැබැල්ලක්

-    නැවුම් කිරි ස්වල්පයක්

-    මී පැණි ස්වල්පයක්

බීට්රූට් ගෙඩිය බ්ලෙන්ඩර් කර යුෂ වෙන් කරගන්න. එයට තක්කාලි යුෂ, නැවුම් කිරි, මී පැණි මිශ්‍ර කරන්න. මුහුණේ ආලේප කර විනාඩි 20ක් තබා සෝදාහරින්න.

වැල්මදට සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය

-    කුරුඳු කුඩු ස්වල්පයක්

-   වැල්මදට කුඩු ස්වල්පයක්

-    මී පැණි ස්වල්පයක්

කුරුඳු කුඩු, වැල්මදට, මී පැණි එකට මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.

සෙව්වන්දි හෙට්ටිආරච්චි
Share This Article
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 948 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 3,072 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
දිනේෂ් ප්‍රියසාද් පවුලේ දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි අක්කලා නංගිලා තුන්දෙනා...
Hiru Tv Blog
අංජුලා රාජපක්ෂ කියලා කිව්වාම කාටත් මතක් වෙන්නේ දුෂ්ඨ කෙනෙකු ලෙසයි. ඒ ඇය එවැනි...
Hiru Tv Blog
සචිනි අයේන්ද්‍රා සිනමාවේ පුංචි තිරයේ නිරූපණයේ දස්කම් පාමින් ප්‍රේක්ෂකයින්...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top