සයිබීරියානු ආක්ටික් කලාපයේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළට
Wednesday, 08 July 2020 - 9:36 | Views - 364
අධික ශීත දේශගුණයක් පවතින සයිබීරියානු ආක්ටික් කලාපයේ උෂ්ණත්වය ඉකුත් ජුනි මාසයේදී වාර්තාගත අන්දමින් වැඩි වී ඇති බව අනාවරණය වී තිබේ.
මේ අනුව ජුනි මාසයේදී එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10කින් (ෆැරන්හයිට් අංශක 18කින්) වැඩි වී තිබේ.
විද්‍යාඥයින්ට අනුව පරිසරයට කාබන්ඩයොක්සයිඞ් ටොන් මිලියන 59ක් මුදා හැරීමත් සමගම පසු ගිය මාස කිහිපයේදී සයිබීරියානු ආක්ටික් කලාපයේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගොස් ඇති අතර ගෝලීය වශයෙන් හට ගෙන ඇති උෂ්ණත්වය මෙන් දෙගුණයකින් එම කලාපය උණුසුම් වෙමින් පවතී.
මේ නිසාම කලාපයේ ලැව් ගිනි හට ගැනීමද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
Share This Article