කොරෝනා වැළඳුණු වෛද්‍යවරියකට ඉන්දියාවේ පෞද්ගලික රෝහලකින් තරු පෙනෙන බිලක්
Wednesday, 08 July 2020 - 9:32 | Views - 2,312

දකුණු ඉන්දියාවේ හයිද්‍රබාද් නගරයේ පිහිටි පුද්ගලික රෝහලක් මගින් කොරෝනා වෛරස් ආසාදනය වැළඳුනු නගරයේ රජයේ උණ රෝහලේ වෛද්‍යවරියකගෙන් දිනක ප්‍රතිකාර වෙනුවෙන් ඉන්දීය රුපියල් එක් ලක්ෂ දහනවදහසක මුදලක් අය කර ගෙන තිබේ. මෙම සිද්ධියට එරෙහිව එම වෛද්‍යවරිය විසින් පොලිසියට පැමිණිලි කර ඇත.
අදාළ පුද්ගලික රෝහල මගින් රජයේ වෛද්‍යවරියක වන අස්රා සුල්තානාගෙන් දිනක ප්‍රතිකාර වෙනුවෙන් විශාල මුදලක් කොරෝනා ප්‍රතිකාර වෙනුවෙන් අය කර ගෙන ඇත්තේ හයිද්‍රබාද් නගරය අයත් වන අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත රජය විසින් කොරෝනා ප්‍රතිකාර ගාස්තු සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාර්ගෝපදේශන මාලාවද උල්ලංඝනය කරමිනි. වෛද්‍යවරිය විසින් චේඩර්ගාට් පොලිසිය වෙත කර ඇති පැමිණිල්ලට අනුව හයිද්‍රබාද් නගරයේ පිහිටි ‘තුම්බේ’ රෝහල මගින් අදාළ විශාල මුදල ගෙවන ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (02 දා* වෛද්‍යවරියට නියම කර ඇති අතර එය නොගෙවීම හේතුවෙන් ඇයව පැය කිහිපයක් රෝහලෙන් මුදා නොහරිමින් නිවාස අඩස්සියේ තබා ගෙන සිට ඇත.
අනතුරුව වෛද්‍යවරියව රෝහලින් මුදා හැර ඇත්තේ කොරෝනා ආසාදිතයකු වන ඇයගේ සහෝදරයා පැමිණ අදාළ බිල ගෙවීමෙන් පසුව බව පැමිණිල්ලේ දැක්වේ. කෙසේ වුවද වෛද්‍යවරියට කොරෝනා ප්‍රතිකාර දුන් පුද්ගලික රෝහල පවසා ඇත්තේ වෛද්‍යවරියගෙන්
රෝහල විසින් අය කර ගෙන ඇත්තේ ඇයට රෝහලෙන් සැපයූ සේවාවන් හා බෙහෙත් වෙනුවෙන් වූ ගාස්තුව බවයි. එහෙත් අගතියට පත් වෛද්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ තමා හුස්ම ගැනීමේ අපහසුතාවය මත එම රෝහලට ඇතුළු කිරීමෙන් පසු රෝහලෙන් බෙහෙත් නිසි පරිදි ලබා නොදුන් අතර එහි සේවය කළ හෙදියන් වගකීම් රහිතව ක්‍රියා කළ බවයි.
Share This Article