කිලිනොච්චියේ පිපිරීමෙන් තුවාල ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා මියයයි
Wednesday, 08 July 2020 - 8:27 | Views - 467
කිලිනොච්චිය - පලෙයි ඉයක්කච්චි ප්‍රදේ්ශයේ නිවසකදි දේශීයව නිෂ්පාදනය කළ බෝම්බයක් අත්හදා බැලීමට ගොස් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයා අද පෙරවරුවේ මියගොස් තිබෙනවා.

ඔහු වයස අවුරුදු 44 ක් පමණ වන පලෙයි ඉයක්කච්චි ප්‍රදේ්ශයේම පදිංචිකරුවෙක්.

පසුගිය තුන්වනදා අදාළ සිද්ධියෙන් තුවාල ලැබූ මෙම පුද්ගලයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අනුරාධපුර මහ රෝහල වෙත මාරු කර යවා තිබුණේ වැඩිදුර ප්‍රතිකාර සඳහායි.

ටින් බඳුනක පුපුරණ ද්‍රව්‍ය අසුරා අදාල බෝම්බය නිෂ්පාදනය කිරීමට යාමේදි එම අනතුර සිදුව තිබුණා. අදාල නිවසේ සිදුකළ සෝදිසි කිරීම්වලදි තවත් බෝම්බ 2ක් හා පුපුරණ ද්‍රව්‍ය මෙන්ම කළුකොටි සැමරුම්වලට යොදා ගන්නා බැනරයක් ද සිය භාරයට ගත් පොලිසිය සැකකරුගේ බිරිඳ ද අත්අඩංගුවට ගනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top