මින්නේරිය ජාතික උද්‍යානයේ නිවුන් අලි පැටවුන් (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 21:41 | Views - 667
මවගෙන් කිරි උරා බොමින් සිටින නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු මෙරටදී මුල්වරට නිරීක්ෂණය කර තිබෙනවා.ඒ, මින්නේරිය ජාතික උද්‍යානයේදී වනජීවීන් නිලධාරීන් සහ අලි සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන විද්වතෙකු මෙන්ම හිටපු වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකුද වන ආචාර්ය සුමිත් පිලපිටිය විසින්. සති තුනත් හතරත් අතර වයසේ පසුවන මෙම නිවුන් අලි පැටවුන් දෙදෙනා, මව සමඟ සිටියදී මෙරටදී සොයාගත් පළමු නිවුන් අලි පැටවුන් දෙදෙනා බවයි වනජීවී සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. මින්නේරිය ජාතික උද්‍යානයේ භාරකරු භාතිය මඩුගල්ලේ සංචාරකයන්ගෙන් ඉල්ලා සිටියේ මෙම සතුන් නිරීක්ෂණය සඳහා විශේෂ ආයාසයක් දැරීමෙන් ඔවුන්ගේ ස්වභාවික චර්යාවන්ට බාධාවක් විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි.
Share This Article