පාස්කු සැකකරුවන් ගැන නිසි පරිදි පරීක්ෂණ නිම නොවූ ලිපිගොණු 38ක් නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට
Tuesday, 07 July 2020 - 15:53 | Views - 417
පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් නොකළ ලිපි ගොණු 38 ක් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකර තිබෙනවා.
මේ අතර එම ලිපිගොනු සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු කඩිනමින් නිමකරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම්දී ඇති බවයි නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ප්රකාශ කළේ.
Share This Article