රුසියානු කාන්තාවට හිරිහැර කිරීමේ සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
Tuesday, 07 July 2020 - 14:10 | Views - 415
කොළඹ - ගාලුමුවදොර පිටියේදී රුසියානු ජාතික කාන්තාවකට හිරිහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස් දෙනා අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එහිදී ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද යොමුකිරීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කළා.

පසුගිය ඉරිදා පස්වරුවේ අදාළ කාන්තාව, මිතුරන් තුන් දෙනෙකු සමඟ ගාලුමුවදොරපිටියේ ඇවිද ගිය අවස්ථාවේ දස දෙනෙකුගෙන් පමණ සමන්විත තරුණයන් කණ්ඩායමක් ඔවුන් වෙත ප්‍රවේශ වී ඇති අතර මත්පැන් පානය කර සිටි පුද්ගලයෙකු එහිදී ඔවුන්ට ආමන්ත්‍රණය කර ඇත්තේ පරුෂ වචනයෙන්.

පසුව, මේ සම්බන්ධයෙන් අදාළ රුසියානු කාන්තාව පොලීසියට පැමිණිලි කර ඇති අතර, විනාඩි 20ක් ඇතුළත එහි පැමිණි පොලීසිය පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව, කොළඹ කොටුව පොලීසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත් පිරිස අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු ද සිටින බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top