තමන්ගේම ඥාති සහෝදරියක් නිරුවත් කරලා වීඩියෝ කරපු, පාපතරයෙකු කළ නොහොබිනා වැඩේ
Tuesday, 07 July 2020 - 13:07 | Views - 501
ඥාති සහෝදරියක රවටා ඇය අතවරයට ලක් කර රූගත කිරීමෙන් අනතුරුව එම තිරුණියගේ පියාගේ දුරකථනයට ඇමතුමක් ලබා දී නිරුවත් දසුන් අන්තර්ජාලයට මුදාහරින බව පවසා රුපියල් ලක්ෂ 25ක කප්පමක් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය පවසනවා.
 
මහනුවර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මෙම පුද්ගලයා විවාහක එක් දරු පියෙකු වන අතර මොහු ගම්පහට නුදුරු ප්‍රදේශයක ඥාති නිවසකට පැමිණ සිටින අතුරතුරදී 26 හැවිරිදි තරුණියක හා මිත්‍ර වී ඇය රවටා ලැගුම් හලකට රැගෙන ගොස් අතවර කළ අවස්ථාවේ රූගතකර ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසනවා.

මේ අතර නාඳුනන පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමින් තරුණියගේ පියාට කතා කර දියණියගේ නිරුවත් දසුන් සහිත වීඩියෝ පටයක් තමන්ට ලැබී ඇති බවත් එම දසුන් අන්තර්ජාලයට මුදා හැරීම සිදු නොකිරීමට නම් රුපියල් ලක්ෂ 25ක මුදල් අවශ්‍ය බවත් පවසා තිබෙනවා.
 
ඉන් අනතුරුව තරුණියගේ පියාට ලිපියක් ලැබී ඇති අතර එහි සඳහන්ව ඇත්තේ රුපියල් ලක්ෂ 25ක මුදල කඩිනමින් ලබා දෙන ලෙසයි.
 
මේ අනුව තම දියණියගෙන් මේ ගැන විමසීමේදී සැකකරුගෙන් තමන්ට වුනු හිරිහැර මවට හා පියාට පවසා ඇති අතර තම දරුවාට හා පවුලට වන අපහාසයෙන් ගැලවීමට රුපියල් ලක්ෂ 25ක මුදල ලබා දීමට තීරණය කර අනතුරුව මේ සම්බන්ධයෙන් ගම්පහ පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය වෙත මව හා පියා විසින් පැමිණිලි කර තිබෙනවා.
 
මේ අනුව මේ වින්දිත තරුණිය ගම්පහ පොලිසියට කැඳවා තරුණියගෙන් සියලු තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව සැකකරු පිළිබඳ ඇති වූ සැකය මත ඔහු පොලිසියට ගෙන්වා ප්‍රශ්න කර ඇති බව සඳහන්.
 
මෙහිදී ඔහුගෙන් අනාවරණය වී ඇත්තේ තරුණිය අතවරයට ලක් කර ලබාගත් දසුන් අන්තර්ජාලයට මුදා හැරීම සිදු කරන බවට තමන් විසින් දුරකථන කුටියකින් ඇමතුම් ලබා දීම සිදුකිරීම හා පිටස්තර අයෙකු ලෙස තමන් විසින්ම ඇගේ පියාට ලිපියක් ලියූ බවයි.

ගම්පහ තිලකරත්න දිසානායක
(ලංකාදීප පුවත්පත.)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top