දෙමාපියන් බලා සිටියදී එකිනෙකා වැළඳගෙන සිසුවා සහ සිසුවිය පොල්ගොල්ල ජලාශයට පැන්න අනුවේදනීය කතාව
Tuesday, 07 July 2020 - 12:19 | Views - 6,739
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් පොල්ගොල්ල නවයාලතැන්න දුම්රිය පාලම මතින් අද (07) අලුයම 5.45 ට පමණ මහවැලි ගඟට පැන ඇති පාසල් සිසුවෙකු හා සිසුවියෙකු මරණයට පත්ව තිබෙනවා.

ප්‍රේම සම්බන්ධතාවයක් මත මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ පොල්ගොල්ල නවයාලතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි  ශාමලී හර්ශනි රත්නායක නැමැති 15 හැවිරිදි සිසුවියක හා පල්ලේතලවින්න ප්‍රදේශයේ පදිංචිව සිට් අකිල විජේරත්න නැමැති 16 හැවිරිදි සිසුවෙක්.
                                                                                                                                                                
මොවුන් ප්‍රදේශයේ පාසල් දෙකක 10 වන ශ්‍රේණියේ  සහ  11 වන ශ්‍රේණියේ  අධ්‍යාපනය ලැබූ බව සඳහන්.

මෙම සිසුවිය සහ සිසුවා කලෙක සිට ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන සිට ඇති බව තොරතුරු සඳහන් වනවා.

මෙසේ මරණයට පත් සිසුවිය හා සිසුවා ඊයේ (06) දිනයේ සිට අතුරුදන්ව සිට ඇති අතර ඔවුනගේ දෙමාපියන් එම දිනය පුරා ඔවුන්ව සොයා අද (07) අලුයම් කාලයේ කටුගස්තොට පොලිසියට පැමිණිලි කොට ඇති අතර එම අවස්ථාවේ ඔවුනට දැනගැනීමට හැකිව ඇත්තේ මෙම දරුවන් දෙදෙනා නවයාලතැන්න දුම්රිය පාලම මත සිටින බවයි.
                                                                     
දරුවන්ගේ දෙමාපියන් වහා එම ස්ථානයට ගොස් දුම්රිය පාලම මැද සිටි දරුවන් හට කතා කරන අවස්ථාවේ ඔවුන් දෙදෙනා එකිනෙකා වැළඳගෙන මහවැලි ගඟට පැන්න බව එම දෙමව්පියන් පවසා තිබෙනවා.

දෙමව්පියන්ගේ කෑගැසීම අසා එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් විසින් ඊට මද වේලාවකට පසු සිසුවිය ගිය හා සිසුවාගේ සිරුරු ගොඩගෙන ඇතත් ඒ වන විට ද ඔවුන් මරණයට පත්ව සිටි බවයි කටුගස්තොට පොලිසිය සඳහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top