කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ඉන්දියාවේ ශංකර් නමැති පුද්ගලයා, ඩොලර් 4,000 ක මුදලක් ගෙවා රත්‍රං මුව ආවරණයක් සකසාගෙන තිබෙනවා.
මෙම මුව ආවරණය ග්‍රෑම් 60ක බරින් යුක්ත වන අතර එය සෑදීමට දින අටක් ගත වූ බවයි ඔහු පවසා තිබුණේ.
"මාධ්‍ය වර්තාකරුවෙක් සිල්වර් ආලේපිත මුව ආවරණයක් පැළදගෙන හිටියා.
එය දැක්කට පස්සේ මට හිතුනා රත්තරනින් මුව ආවරණයක් හදා ගන්න..මම කොහොමත් රත්තරන් වලට හරි කැමතියි. මම දන්නේ නැහැ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්න මේ මුව ආවරණය හේතුවක් වෙයිද කියලා..කොහොම නමුත් මම එයට කැමතියි.." යනුවෙන් ශංකර් පවසා තිබෙනවා.

