'ඌව ප්‍රිමියර් ලීග්' ව්‍යාජ විස්සයි විස්ස තරඟාවලියේ මහමොළකරු අත්අඩංගුවට
Tuesday, 07 July 2020 - 9:37 | Views - 377
ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක් ඉන්දියාවේ මෝහාලි ප්‍රදේශයේ සංවිධානය කොට ඔට්ටු තැබීමේ ජාවාරමක නිරතවීම සම්බන්ධයෙන් කුප්‍රකට ඔට්ටු තබන්නෙකු වන රවීන්දර් දන්දිවාල් පන්ජාබ් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 5 දිනක් පොලිස් රක්ෂිතයේ තැබීමටයි නියෝග කර ඇත්තේ.

ජාත්‍යන්තර ටෙනිස් තරඟ පාවාදීමේ සිද්ධීන් වලට ද සම්බන්ධ බව සැලකෙන රවින්දර් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ විමසුම් ඇසට යොමුව සිටි පුද්ගලයෙකු බව සඳහන්.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්දන ඒකකයේ කණ්ඩායමක් අද දිනයේ මෝහාලිය වෙත සිද්ධිය පිළිබඳව සොයා බැලීමට  නියමිත බවයි.

ව්‍යාජ ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලියක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

එලෙස සංවිධාන කර තිබූ ව්‍යාජ තරඟයකට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට සමාන හැඩරුව ඇති පුද්ගලයන් තෝරාගෙන තිබූ අතර යූ ටියුබ් මගින් තරඟය විකාශය කිරීමේදී අහම්බෙන් කුඹුරු යායකට කැමරාව යොමු වීම ඒ පිළිබද සැකයක් මතුවීමට හේතු වූ කරුණක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top