අසූ හතර හැවිරිදි විශ්‍රාමික ගුරු මවක් ජනපතිට ලියූ ලිපිය - රුපියල් ලක්ෂ 02ක මුදල ඔතා දුන් කොළයේ තිබූ දේ
පුත්තලම, විශ්‍රාමික ගුරු මවක් විසින් රුපියල් ලක්ෂ 02 ක මුදලක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග පිණිස ජනාධිපතිවරයාට පිළිගන්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
මෙලෙස මුදල් පරිත්‍යාගය සිදුකර ඇත්තේ කාකපල්ලිය, මනක්කුලම පදිංචි 84 හැවිරිදි එම්.ඒ.එච්.පී මාරසිංහ විශ්‍රාමික ගුරු මාතාවයි.
පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරඟවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහනය තහවුරු කරනු පිණිස අද (06) පුත්තලම දිස්ත්‍රික්කයේ චාරිකාවේ නිරතවෙමින් මාදප්පේ තනිවැල්ලේ ප්‍රදේශයේ පැවති ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයාට මේ පරිත්‍යාගය භාර දී ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
ඇය රුපියල් පන්දහසේ නෝට්ටුවලින් සමන්විත රුපියල් ලක්ෂ 02ක මුදල ඔතා දුන් කොළයේ වැඩිදුරටත් මෙලෙස සඳහන් කර තිබෙනවා.
ජනාධිපතිතුමනි,
“ නීතිය, යුක්තිය, ධර්මය රකින රජයක් - ස්වංයපෝෂිත රටක් අපට දෙන්න”
මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1448 ඉක්මවා ඇති බවයි.
