ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් හත් ලක්ෂය ඉක්මවයි
Tuesday, 07 July 2020 - 8:11 | Views - 524

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දිනයේ හත්ලක්ෂයේ සීමාව පසු කළ අතර, එරට මරණ සංඛ්‍යාව ද මේ වන විට 20,000 ඉක්මවා තිබෙනවා.
ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් පළමු ලක්ෂය වාර්තා කිරීමට දින 110ක් ගත වුණා.
එහෙත් හය ලක්ෂයේ සීමාවේ සිට හත් ලක්ෂය ඉක්ම වීමට ගත වී ඇත්තේ දින 4ක් පමණයි.
පසුගිය 3 වන දා සිට ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් විසි දහසකට වැඩි සංඛ්‍යාවක් බැගින් වාර්තා වූ අතර පසුගිය දින දෙක තුළ 24,000කට වැඩි කොරෝනා ආසාදිතයන් වාර්තා වීම විශේෂත්වයක්.
ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ මුළු සංඛ්‍යාව මේ වනවිට හත්ලක්ෂ 20,326ක් ලෙස සටහන් වන අතර මරණ සංඛ්‍යාව 20,174 ක්.
ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට එක්කෝටි දාහත් ලක්ෂ 31,000 ඉක්මා ඇති අතර මරණ සංඛ්‍යාව පන්ලක්ෂ 40,000කට අධිකයි.
ඒ අතරින් ඇමරිකා එක්සත් ජනපදයේ ආසාදිත සංඛ්‍යාව ඊයේ මිලියන තුනේ සීමාව ඉක්ම වූ අතර, එහි මුළු ආසාදිත සංඛ්‍යාව තුන්ලක්ෂ 39,685ක්.
එමෙන්ම, ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් 50,000කට ආසන්න නව ආසාදිතයන් වාර්තා වී ඇති අතර, එරට මුළු මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 32,950ක්.
ආසාදිතයන් දහසය ලක්ෂ 26,000ක් සහ මරණ 65,556ක් සමඟ බ්‍රසීලය දෙවනුව වැඩිම පීඩාවට පත්වූ රට ලෙස සටහන් වන අතර, තුන් වන ස්ථානයේ සටහන් වන්නේ ඉන්දියාවයි.
මේ අතර පාකිස්තාන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය සෆාර් මිර්සාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ අනාවරණ වුණා.
පාකිස්තානයේ කොවිඞ් නයින්ටීන් වසංගතයට එරෙහි වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ ඔහුගේ මූලිකත්වයෙන්.
අගමැති ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය සේවා උපදේශකවරයා ද වන ඔහු මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්ව සිටිනවා.
පාකිස්තාන විදේශ අමාත්‍ය ෂා මෙහෙමුද් කුරේෂ්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුගිය සිකුරාදා ප්‍රකාශ වුණා.
පාකිස්තානයේ කොරෝනා වෛරස් ආසාදනය වූ සංඛ්‍යාව දෙලක්ෂ 31,000 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 4762ක්.
Share This Article